Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන්ට නව වසරේ තෑගි

26 ජනවාරි, 2019

නව වසරක් යනු කොයිකාටත් සතුට සමග අලුත් බලාපොරොත්තු ඇති කරවන කාලයකි. විශේෂයෙන්ම නව වසරේ නව ශ්‍රේණියක නව පාසල් වාරයකට පියමනින දරු දැරියන්ට මෙම කාලය විශේෂ සතුටක් රැගෙන එයි. මේ බව හොඳින් දන්නා, සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, අඛණ්ඩව 5 වන වරටත් Tikiri New School Term Promo සමගින් සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුදැරියන්ට නව වසරේ තෑගිබෝග රැසක් පිරිනැමීමට සූදානමින් සිටී.

මෙම වැඩසටහන යටතේ සෙලාන් ටිකිරි ගිණුම් හිමියන්ට, සිය ගිණුමේ රු. 3,500 හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කිරීමේදී ප්ලැටිග්නම් පෑන්, වෝටර් කලර්ස් ඇතුළු අංග රැසකින් සමන්විත වටිනා ලිපිද්‍රව්‍ය කට්ටලයක් හිමි වේ.

පසුගිය වසර වලදී මෙම වැඩසටහනට ලැබුණු දැවැන්ත ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින් සෙලාන් බැංකුව මෙවර තෑගි පිරිනමන වයස් සීමාව ළදරු පාසල් වයසේ සිට 5 වසර දක්වා පුළුල් කර තිබේ. ලිපිද්‍රව්‍ය කට්ටලයට අමතරව Tikiri New School Term Promo යටතේ දරුදැරියන්ට වතුර බෝතල්, මග් සහ පාසල් බෑග් වැනි වටිනා තෑගිද හිමි වනු ඇත.

තම සෙලාන් ටිකිරි ගිණුම් වල අවශ්‍ය ශේෂය පවත්වාගැනීමෙන් සහ, සුදුසුකම් ලැබීමේ කොන්දේසි සපුරාලන ආකාරයට නව සෙලාන් ටිකිරි ගිණුමක් විවෘත කිරීමෙන් දරුදැරියන්ට සෙලාන් බැංකුවේ අනෙකුත් ත්‍යාග ක්‍රම යටතේ බයිසිකල්, දුරස්ථ පාලක හෙලිකොප්ටර්, ස්කූටර් සහ LED රූපවාහිනි ඇතුළු තවත් ත්‍යාග රාශියක් හිමිකර ගැනීමේ අවස්ථාව ලැබේ.

වසර 27 ක් පුරා ජනතාව අතර විශ්වාසය දිනූ නාමයක් ලෙස සෙලාන් ටිකිරි කවදත් දරුවන්ටත් දෙමාපියන්ටත් උපරිම වටිනාකම් තිළිණ කරමින් රටේ ළමා ඉතුරුම් ගිණුම් ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා නිරන්තරයෙන් පියවර ගනිමින් සිටී. සෑමවිටම වටිනා තෑගි පිරිනැමීම, ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව සේවාවන් ලබාදීම මෙන්ම දරුවන් හා දෙමාපියන් වෙනුවෙන් අධ්‍යාපනික, ව්‍යවසායික සහ විනෝදාස්වාද වැඩසටහන් නිරන්තරයෙන් සංවිධානය කිරීම වැනි හේතු රැසක් නිසා සෙලාන් ටිකිරි ගිණුම මෙරට වඩාත්ම ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම බවට පත්වී තිබේ.

----------------------

කැන්රිච් ෆයිනෑන්ස් ඇඹිලිපිටිය ශාඛාව

රන් ණය පහසුකම්ද සමඟ නව නිවහනකට

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ 47 වසරක් පුරා විශිෂ්ට පැවැත්මක් සහතික කර ඇති කැන්රිච් ෆයිනෑන්ස් සමාගම ගත වූ දශක හතර පුරා සිය ගනුදෙනුකාර භවතුන්ට විශ්වසනීය වූ මූල්‍ය විසඳුම් රැසක් දායාද කර ඇත. පාරිභෝගික ජනතාවට වඩාත් පහසු සේවයක් සලසා දීමේ අරමුණින් කැන්රිච් ෆයිනෑන්ස් ඇඹිලිපිටිය ශාඛාව ඇඹිලිපිටිය නව නගරය, මිද්දෙණිය පාරේ, අංක 126 යන නව ස්ථානයේ ස්ථාපිත කර ඇත. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆයිනෑන්ස්හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් රෙකෝගම, සාමාන්‍යාධිකාරී එරන්ද අමල් ගොඩගේ, ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරිණි ශ්‍යාමිනි ප්‍රනාන්දු, සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය) සරත් තිලකරත්න, ජ්‍යෙෂ්ඨ කළමණාකරු ඉරංග නිරෝෂන් සහ රන් සිහිනය ප්‍රධානී මහීම රණසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ඇඹිලිපිටිය ශාඛාවේ කළමනාකාර නදීක ජයසුන්දර, ඇඹිලිපිටිය ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් උපරිම සේවයක් ලබා දීමට කැප වෙන බව පැවසීය. විශ්වසනීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස තවත් පියවරක් ඉදිරියට තබමින් කැන්රිච් ෆයිනෑන්ස් ඇඹිලිපිටිය ශාඛාව රන් ණය සේවාවන්ද එදින ආරම්භ කළේය.

ඇඹිලිපිටිය ශාඛාවෙන් ලබා දෙන සුවිශේෂ සේවා අතර ස්ථාවර තැන්පතු, ලීසිං, මයික්‍රො ලීසිං, ක්ෂුද්‍ර ණය, රන් ණය (උකස් සේවාව), වෙළෙඳ වරම, දේපළ ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සහ පුද්ගලික ණය සේවා ප්‍රධාන වේ.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();