ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ සංගමය මගින් පවත්වනු ලැබූ 54 වන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී හේලීස් සහ වැලිබල් සමුහ ව්‍යාපාර සම්මාන 18 ක් ලබා ගනිමින් කැපී පෙනෙන විශිෂ්ටත්වයක් දැක්වීමට සමත් වී ඇත. මෙහිදී හේලීස් සමුහය විසින් සිරිල් ගාඩිනර් අනුස්මරණ ශූරතාවය සමගින් රන් සම්මාන 10ක් ලබා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ සමස්ත ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයකි.
‘‘පසුගිය වසර 140 පුරාම හේලීස් ඉතිහාසය දෙස බැලීමේදී අප විසින් කරන ලද සෑම ක්‍රියාවක්ම අපගේ අඛණ්ඩ දියුණුවට සහ විශිෂ්ටත්වයට හේතු වී තියෙනවා. වගවීම සහ යහ පාලන පිළිවෙත් පිලිබඳ අපගේ කැපවීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවයි.
හේලීස් සමූහයේ සහ එහි අනුබද්ධිත සමාගම් හී කැපී පෙනෙන කාර්යසාධනය සඳහා සියලූ අංගයන් පිළිබඳ ඒකාබද්ධ අධීක්ෂණය, පාරදෘශ්‍ය භාවය සහ නිරවද්‍ය වාර්තා කිරීම අතිශය වැදගත් වී තිබේ. එසේම මෙම වසරේ අප ලැබූ ජයග්‍රහණ එකී වටිනාකම් සඳහා අප කල කැපවීම් වලට සාක්ෂි ලෙස දක්වන්න පුළුවන්.”යැයි හේලීස් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා පවසයි.
---------------------------
මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නවීකරණය කරයි
“ඔබ සමඟයි සැමදා” යන පොරොන්දුව ඉටුකරමින් ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් කොළඹ 02 සිය ප්‍රධාන අලෙවි ශාඛාවේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නවීකරණය කර ඉතාමත් අභිමානයෙන් නැවත පාරිභෝගික ජනතාව වෙත විවෘත කළේය.
රටපුරා විහිදී ඇති සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන අතරින් සියලු නවීන අංගඋපාංග සහිතව මෑතකදී නවීකරණය කළ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන අතරට මෙයත් එක්වේ.
මොබිටෙල්හී ඇති උසස් සන්නිවේදන නිෂ්පාදන සහ සේවා තාක්ෂණය ජනතාවට පිළිඹිබු කරනුවස් අනාගතවාදී තේමාවක් යටතේ සියලු නවීන පහසුකම්වලින් මෙම අලුත්ම සේවා මධ්‍යස්ථානය පරිපූර්ණ වේ. මේ නවීනත්වයෙන් පිරි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මඟින් පාරිභෝගික පහසුව සහ නවීන සන්නිවේදන තාක්ෂණික අත්දැකීමක් සියලු දෙනාටම ලබාදෙයි. මෙම මධ්‍යස්ථානයේ දී විවිධ පරාසයන් වෙත විහිදි ඇති මොබිටෙල් සතු නවීන සන්නිවේදන තාක්ෂණික උපාංග ප්‍රදර්ශනය කෙරේ.
එහිදී Internet of Things (IoT) සංකල්පය අනුව උපාංග ක්‍රියාකාරීත්වය දැකගැනීමේ හැකියාවත් නවීන ස්මාර්ට් ජංගම දුරකථන පෙළ දැකගැනීමේ අවස්ථාවත් සහ රොබෝ තාක්ෂණික බලගැන්වීම් මෙන්ම පරිගණක ක්‍රීඩා කිරීම වෙනුවෙන් වෙන්කළ ස්ථාන ද තිබේ.
අලුත්ම සන්නිවේදන තාක්ෂණික බලගැන්වුම් සමීප කරමින් වඩාත් සුපිරි නවීන සන්නිවේදන අත්දැකීමක් ඉතිහාසයේ පළමු වතාවට මොබිටෙල් පාරිභොගික ජනතාවට ලබාදීම අරමුණු පෙරදැරිව මෙම නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කළේය. පාරිභෝගිකයා මධ්‍යගත ගුණාත්මක සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම මඟින් සිය පාරිභෝගිකයා බලගැන්වීම මෙන්ම පෙර නොවූවිරූ නව්‍ය සන්නිවේදන තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට මොබිටෙල් කටයුතු කරයි.
from silumina
0 Comments