Ticker

6/recent/ticker-posts

Header Ads Widget

HIVආසාදිතයින් 14,000කට අධික පිරිසකගේ තොරතුරු අන්තර්ජාලයට

එච්. අයි. වී ආසාදිත විදේශිකයින් ඇතුළු 14,000 කට අධික පිරිසක ගේ රහසිගත ‍තොරතුරු සිංගප්පූරුවෙන් සොරා ගෙන අන්තර්ජාලයට මුදා හැර තිබේ. 
 
බලධාරීන් විසින් 2016 වසරේ සෞඛ්‍ය තොරතුරු උල්ලංඝනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත. මෙම සොරකම පිටුපස සිංගප්පූරු ජාතික ජ්‍යෙෂඨ වෛද්‍යවරයකු ගේ සහායකයා වූ  එච්. අයි. වී ආසාදිතයකු සම්බන්ධ බව ඔවුහු විශ්වාස කරති. 
 
නවතම හෙළිදරව්වට නම්, ලිපින, එච්. අයි. වී තත්ත්වය සහ අනෙකුත් වෛද්‍ය තොරතුරු ඇතුළු රහසිගත තොරතුරු ඇතුළත්ය. ඒ අනුව එච්.අයි.වී  ආසාදිත සිංගප්පූරු ජාතිකයන් 5,400ක් සහ විදේශිකයන් 8,800  ක‍ගේ  2013 ජනවාරි දක්වා දත්ත මෙසේ අනාවරණය වී ඇත.
 
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හියන් ලුන්ග් ඇතුළු එච්.අයි.වී ආසාධිතයන්  මිලියන 1.5 කගේ තොරතුරු අනාවරණය කරමින්  සිංගප්පූරු අන්තර්ජාල පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් මාස කිහිපයකට පසුව මෙය සිදු වූ බව වාර්තා වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();