Ticker

6/recent/ticker-posts

Header Ads Widget

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2020 විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව කාල සටහන ඇතුළත්ව නිවේදනයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
 
ඒ අනුව හොඳම කණ්ඩායම් 16 ක් අතර 2020 වසරේ ඔක්තෝබර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන් වේ.
 
මෙම තරගාවලිය යටතේ සුදුසුකම් ලැබිමේ තරග වටයේ තරග 12 ක් ඔක්තෝබර් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.
 
මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 18, 20, 22 යන දිනයන්හි තරග සඳහා සහභාගි විමට නියමිතය.
 
ඔක්තොම්බර් 23 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා සුපිරි 12 දෙනාගේ වටය පැවැත්විමට නියමීත බව අයි.සී.සී නිවේදනයෙහි සඳහන් වේ.
 
තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනු ඇත.
 
මෙම තරගාවලියේ විකාශන අයිතිය ස්ටාර් ස්පොර්ට්ස් වෙත හිමීව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();