Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බොරු කී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකට සිර දඬුවම්

වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට බොරු කී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සිර දඬුවම් ලබා තිබේ. 
 
ඒ අනුව මෑත ඉතිහාසයේ දශක තුනක පමණ කාලයක් තුළ සිර දඬුවම් ලද පළමු පාර්ලිමේන්තු සාමාජිකාව ලෙස නීතිඥ ෆියෝනා ඔනසන්යා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වනු ඇත. 
 
නීතිඥ ෆියෝනා ඔනසන්යාට එල්ල වූ චෝදනා වූයේ 2017 වසරේ ජූලි මාසයේදී පැයට සැතපුම් 30 වේග සීමා කලාපයක පැයට සැතපුම් 41ක වේගයකින් රිය ධාවනය කළ බවයි.  එම අවස්ථාවේ රියැදුරු අසුනේ නොසිටි බව ඒ සම්බන්ධයෙන් ඇය පවසා තිබුණි.  
 
පීටර්බරා ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය අධිකරණය නොමග යැවීම සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු කම්කරු පක්ෂයෙන් නෙරපනු ලැබූ අතර  අදාළ නඩුව යළි කැඳවීමෙන් පසුව ඇයට මාස තුනක සිර දඬුවමක් නියම විය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();