Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳගෙන් ලෝක නායකයින්ට ඉල්ලීමක්

බහරේන ජාතික පාපන්දු ක්‍රීඩක හකීම් අල් අරායිබි නිදහස් කරන ලෙස තායි රජයට බලපෑම් කරන ලෙස ඔහුගේ බිරිඳ ලෝක නායකයින්ගෙන් ඉල්ලයි.
 
25 හැවිරිදි හකීම්, ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය හිමි අයෙකු වන අතර බහරේන් රාජ්‍යය ජාත්‍යන්තර පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව හකීම් අල් අරායිබි බැංකොක්හිදී අත්අඩංගුවට ගෙන එහි බන්ධනාගාරයක රඳවා තිබේ.
 
ඔහු තායිලන්තයෙන් පිට කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව බහරේන් රජය ප්‍රකාශ කළත් සිය සැමියා තායිලන්තයේ සිට බහරේන් වෙත පිටුවහල් කිරීම ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බව පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ විදෙස් මාධ්‍ය වෙත පවසයි. 
 
2014 වසරේදී ඔස්ට්‍රේලියාවට පළාගොස් ඇති හකීම් අල් අරායිබිට 2017 වසරේදී සරණාගතභාවය හිමි වී තිබේ. ඔහු මේ වන විට මෙල්බෝර්න්හි පැස්කෝ වේල්  පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.
 
බහරේන්හි පොලිස් ස්ථානයකට පහර දුන් බවට වූ නඩුවකට ඔහු පෙනී නොසිටි අතර, 2014 වසරේදී ඒ සම්බන්ධයෙන් ඔහුට වසර 10ක සිර දඬුවමක් පැනවිණි.කෙසේ වෙතත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන හකීම් පවසන්නේ, අදාළ පහර දීම සිදුවූ අවස්ථාවේ තමන් රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් පැවති පාපන්දු තරගයක ක්‍රීඩා කරමින් සිටි බවය.
 
තමන් සිය සැමියා සමග මධුසමය සඳහා පසුගිය නොවැම්බර් 27 වන දා බැංකොක් නුවරට ගිය අවස්ථාවේ, ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බව ඔහුගේ බිරිඳ පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();