Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙනෙත් අඳ පුතුට පාපන්දු තරඟයක් විස්තර කළ මවක්

බ්‍රසීලයේ පැවැති පාපන්දු තරඟයක් පුරා දෙනෙත් අඳ තම පුතුට තරඟය විස්තර කරමින් එම තරඟයේ උණුසුම ඒ අයුරින්ම ඔහුට සමීප කර වූ මවක් තරඟය ආවරණය කරමින් සිටි කැමරාකරුවන් ගේ කාචයට හසු වූයේ මෙලෙසිනි.  
 
සිල්වියා ග්‍රෙසො සහ ඇයගේ 12 හැවිරිදි පුත් නිකොලස් මෙසේ ලොව පුරා ජනප්‍රිය වූයේ පසුගිය වසරේ සාඔ පොලෝ හි පැවැති පාපන්දු තරඟයක් පසුගිය දා රූපවාහිනියෙන් විකාශය කිරීමත් සමගය. 
 
තරඟය පුරා සිදුවන සෑම තත්ත්පරයක්ම ඇය විසින් තම පුතුට විස්තර කරන අයුරුත්, එය අසමින් සමහර අවස්ථාවල ඔහු ඔල්වරසන් දෙන අයුරුත් ප්‍රේක්ෂකයින් ගේ දෑස් තෙත් කිරීමට සමත් විය. 
 
මෙම මව විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ ක්‍රීඩකයා ගේ ඇඳුමේ හා සපත්තුවේ  පාට හා ස්වභාවය,  හිස කෙස් වර්ණය ආදි සෑම තොරතුරක්ම තමන් විස්තර කළ බවයි. 
 
අනෙක් ප්‍රේක්ෂකයින් තරමට ඔහුට එම තරඟය විඳින්නට අවස්ථාව ලබා දීම තම අරමුණ වූ බව ඇය 
වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();