Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රතිපත්තියක් නැති විපක්ෂය ජනතාව නොමඟ යැවීමට උත්සහ කරනවා

ඇමැති කබීර් හෂීම්

ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොමැති විපක්ෂය හැමදාම කෙළේ බොරු බිල්ලන් මවා ජනතාව නොමඟ යැවීමට උත්සහ කිරීම බවත් පසුගිය මැතිවරණයේදී විදුලි පුටු බිල්ලා මවා පෙන්වූ ඔවුන් දැන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොරු බිල්ලෙකු මවා පෙන්වමින් සිටින බවත් මහමාර්ග,මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යය අමතමින් පෙරේදා(26)ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසිය.

වසර විස්සක් බලයේ සිටිමින් ප්‍රශ්න විසඳනු වෙනුවට ප්‍රශ්න නිර්මාණය කරමින් ඒවා උග්‍ර තත්ත්වයට පත්කළ මෙම පිරිස දැන් යළිත් වරක් ජනතාව නොමඟ යැවීමේ වැඩපිළිවෙළේ නිරතව සිටිනවා.

ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා පස්සා දොරෙන් පැමිණි මෙම පිරිසට අවසානයේ සිදු වූයේ පස්සා දොරින්ම පිටව යෑමටයි. ඉදිරියේ පැමිණීමට තිබෙන මැතිවරණවලදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට වැඩපිළිවෙළක් නොමැති මොවුන් හැමවිටම උත්සහ කරන්නේ බොරු බිල්ලන් මවා පෙන්වමින් ජනතාව නොමඟ යැවීමටයි.

විදුලි පුටු තර්ජනය නිසා විදේශ රටකට හෝ යෑමට නොහැකිව සිටි මහින්ද රාජපක්ෂට එම බිය ඉවත් කර ජත්‍යන්තරයට යෑමට අවස්ථාව ලබා දුන්නේ වත්මන් ආණ්ඩුවයි.

තවමත් ව්‍යවස්ථාව කෙටුම්පත් කර නැහැ.ඉදිරිපත්ව තිබෙන විද්වත් මණ්ඩල යෝජනාවලිය සම්බන්ධයෙන් සංවාද කර අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැමට තිබෙනවා. රටේ ඒකීය භාවයත් බුද්ධාගමට නවවැනි වගන්තියෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානයත් ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කෙරෙන ව්‍යවස්ථාවක් මිස වෙනත් ව්‍යවස්ථාවකට එකඟ නොවන බව එජාපය පැහැදිලිව කියා තිබෙනවා.

අසේල කුරුළුවංශ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();