Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දරුවන්ගේ අධ්‍යාපනය හා විනය ගරුකභාවය රටක සංවර්ධනයට වැදගත්

ඇමැති සාගල රත්නායක

රටක් සංවර්ධනය කරා යන ගමනේ දී දරුවන්ගේ අධ්‍ය­ාපනය හා විනය ගරුකභාවය වැදගත් සාධකයක් වන බව වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ පසුගිය දා මාතර මහාමන්තින්ද පිරිවෙනේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අැමැතිවරයා මෙසේද පැවසූවේය.

පාසල් ජීවිතයේ දරුවන් තුළ වර්ධනය වන පෞරුෂත්වය රටේ යහපත් ආනාගතයට පිටුවහලක් වෙනවා.

මේ පාසලේ දරුවන්ට අද විශේෂ දවසක්. වාර්ෂිකව ශිෂ්‍ය නායකයෝ පත් වෙනවා. පාසලේ විශිෂ්ටයන් අතරින් ශිෂ්‍ය නායකයින් තෝරා ගන්නේ මේ පාසලේ වැඩ කටයුතු පහසු කර ගන්නයි. විශේෂයෙන් විනය කටයුතු පවත්වා ගෙන යන්නයි.

ඒ නිසාම ශිෂ්‍ය නායක තනතුර තරම් වැදගත් තනතුරක් නැහැ. අද එම තනතුර දරන සහ එම පත්වීම් ලැබූ සියලු ම දරුවන්ට මා මේ අවස්ථාවේ සුබ පැතුම් එක් කරනවා. කොච්චර අධ්‍යපනය ලැබුවත් වැඩක් වෙන්නේ නැහැ. අපි විනය හරියට හදා ගත්තේ නැත්නම්. මම අද විනය ගැන කතා කරන කොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැසිරුණ විදිය බලන් හිටපු දරුවෝ, ගුරුවරු සහ මව්පියෝ සමහර විට හිතයි මම මෙතනට ඇවිල්ලා විනය ගැන කතා කරන්න සුදුසු කෙනෙක් ද කියලා. නමුත් මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕනෑ මමත් අද මේ දරුවන් වගේම ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කළා. ඒ ලැබු අත්දැකීම් මගේ ජීවිතයේ ඉන්පසු යන්න පුළුවන් වෙච්ච හැම ඉලක්කයක් කරාම ගමන් කිරීමට මට වැදගත් වුණා.

 නායකත්වය පමණක් නොවෙයි නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව අපට මේ තුළින් ලැබෙනවා. තීන්දු තීරණ ක්ෂණිකව ගන්න ඕනෑ. ඒ වගේම නිවැරදිව ගන්නත් ඕනෑ. ඒකට ශිෂ්‍ය නායකයෙක් හැටියට ලබන අවස්ථාව තරම් පුහුණු වෙන්න අවස්ථාවක් තවත් ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ වැඩකටයුතු ටික ඉතාම ඕනෑකමින් කරන්න කියලා මම මේ දරුවන්ගෙන් ඉල්ලනවා.

අපේ රටට හොඳ අනාගතයක් තියෙනවා. මම හිතන්නේ අපේ රටේ තරම් සම්පත් තියන රටක් ලේසි නැහැ හොයා ගන්න. අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න පහසු රටක්. නමුත් ඒ සඳහා විනය ගරුක සමාජයක් අවශ්‍යයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ විනය අපේ සම්ප්‍රදායන්ට අනුව හොඳින් තියෙනවා. නමුත් දියුණු වන රටක් ලෙස ගොඩනැගෙන්න විනයකුත් ඕනෑ. මොකද දියුණු වෙද්දී සම්පත් වැඩි වෙද්දී විනය කඩ වෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒ නිසා අපි ඒ කාලයට ගැලපෙන විනයක් හදා ගන්න අවශ්‍යයි. සම්ප්‍රදායිකව ගත්තම අපිට අවශ්‍ය විනය හොඳටම තියෙනවා.

ස්වාමීන් වහන්සේලාට ගරු කරන විනයක් අප තුළ තිබෙනවා. ද මව්පියන්ට ගරු කරන විනයක් තිබෙනවා.ඒ අනුව අපි උසස් විනයක් සහිත රටක්. නමුත් දියුණු වන විට අපිට තිබෙන කාලය අඩු වෙනවා. කාලය අඩු වන විට අපි ඉක්මනින් වැඩ කරන්නත් ඕනෑ. පිළිවෙළකට වැඩ කරන්නත් ඕනෑ. ඒ වගේ ම අපි දියුණු වෙන්න ඕනෑ තාක්ෂණය දියුණු වෙද්දී, රට දියුණු වෙද්දී. අපි වේගයෙන් ඉස්සරහට ගියේ නැත්නම් වෙනත් රටවල් වේගයෙන් අප පසුකර යනවා.

මෙම අවස්ථාවට මාතර පොලිස් අධිකාරී ලීලවංශ මහතා ඇතුළු පාසල් දරු දැරියන්, මව්පියන් සහ ගුරුවරුන් ද එක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();