Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාති ආගම් කුලමල පක්ෂ බේදයෙන් තොරව අපි ජනතාවට සේවය කරනවා

ඇමැති සජිත් ප්‍රේමදාස

දළ වශයෙන් ගත්තොත් මේ අම්පාර දිස්ත්‍රික්කයේ 44% ක් මුස්ලිම් ප්‍රජාව බවත් , 38%ක් සිංහල ප්‍රජාව බවත් තවත් 18%ක් ද්‍රවිඩ ප්‍රජාව ජීවත් වන බවත් ජාති ,ආගම් ,කුල මල, පක්ෂ බේදයෙන් තොරව අපි ජනතාවට සේවාය ක්‍රියාත්මක කරන බවත් මෛත්‍රිපාල සිරිසේන ,රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තුළ ජාතිවාදය, ආගම්වාදය අපි සහමුලින්ම ඉවත් කැර ඇති බවත් නිවාස හා ඉදි කිරීම් ,සංස්කෘතික කටයුතු අැමැති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

අැමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කෙළේ සැමට සෙවණ උදා ගම්මාන නිවාස වැඩසටහන යටතේ ඉදි වූ 159 වන ආදර්ශ ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ තිරික්කෝවිල් ප්‍රදේශයේ දී ජනතා අයිතියට පත් කිරීමට පැමිණි අවස්ථාවේදීය .

එහිදී වැඩි දුර අදහස් දැක්වු අැමැතිවරයා මෙසේ ද පැවසීය.

අපි සතුව දිව දෙකේ දේශපාලනයක් නැහැ. වේදිකාවේ ප්‍රකාශ කරන ආකාරයට ඒ වචනවලට ගැබ් වුණ අර්ථ නියමානුකූලව අපිට බලය ලැබුණායින් පස්සේ ක්‍රියාත්මක කරනවා. එහි හොඳම උදාහරණයක් තමයි අම්පාර දිස්ත්‍රික්කයේ මම වගකීම් භාර ගන්න කොට අම්පාර දිස්ත්‍රික් කාර්යාලයක් පමණයි තිබුණේ. කල්මුණ කාර්යාලය අඩපන වෙලා තිබුණේ. අද මම ඔබලාට කියන්න කැමතියි සිංහල ප්‍රජාවට අම්පාර කාර්යාලයත්,ඉස්ලාමීය ප්‍රජාවට කල්මුණේ කාර්යාලයත්, ඒ වාගේම ද්‍රවිඩ ප්‍රජාවට තිරික්කෝවිල් කාර්යාලයත් යනා දී වශයෙන් වෙනම මධ්‍යස්ථාන 3ක් ආරම්භ කරලා කිසිම ජාති ,ආගම් ,කුල මල පක්ෂ බේදයකින් තොරව අපි අපේ නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මුළු අම්පාර දිස්ත්‍රික්කයේ ජීවත් වන උප දිසාපති කොට්ඨාස 20ක ග්‍රාම නිලධාරී වසම් 503ක අයට මම පොරොන්දු වෙනවා ඔබලාගේ ජන ජීවිතය සෞභාග්‍ය කරන්නට ජාති, ආගම් ,පක්ෂය, කුලය තරාතිරම පැත්තක දමලා පොදු ජනතාවට නිවාස ඉදි කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අපි සියලු දෙනා දිවි හිමියෙන්ම ජනතා සේවය ඉටු කරනවා . එය මම වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, මම කැමතියි මේ අවස්ථාවේ ගයත්‍රි ග්‍රාමන් ගම්මානයේ විවෘත වීමත් සමඟ පවුල් 35කට ලැබෙන සහනත් හැම කෙනෙකුටම අද දවසේ රුපියල් ලක්ෂ 4කට වැඩි වටිනාමක් තිබෙන ඉඩමක් නොමිලේ අපේ ආණ්ඩුව ලබා දෙනවා. අපේ ආණ්ඩුව මැදිහත් වෙලා මුදල් ආධාර කරලා ගෙවල් 35ක් හැදිලා තියෙනවා. අපේ මන්ත්‍රිතුමාගේ උනන්දුව පරිදි ලක්ෂ 06කට වැඩි මුදලක් වෙන් කරලා විදුලි බල අමාත්‍යාංශය ගමට විදුලිය දී තිබෙනවා.

සමාජ සංවර්ධන හින්දු කටයුතු අමාත්‍යාංශය හරහා ලක්ෂ 30ක් ලබා ගෙන මුළු ගමටම පානීය ජලය ලබා දී තිබෙනවා. එතකොට මේ පවුල් 35ට මීට පෙර හෙඳ ශක්තිමත් නිවෙසක් තිබුනේ නැහැ. තමන්ගේ කියලා ඉඩමක් තිබුනේ නැහැ. පොල් අතු පැලවල බොහෝ දෙනා ජීවත් වුණේ. දැන් එසේ ජීවත් වුණ පවුල් 35කට උදා ගම්මානයක් නිර්මාණය වෙන කොට කොයිතරම් ශක්තියක් ඔබලාට ලැබෙනවා ද. මම ඔබලාට කියන්න කැමතියි ඒ ගමනේ අවසාන ඉලක්කය උදා ගම්මාන 25ක් ක්‍රියාත්මක කිරීමයි. මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 වෙන කොට පළමු උදා ගම්මාන 1500 ආරම්භ කරනවා. 2020 ජනවාරි 1 වෙන කොට උදා ගම්මාන 50000ක් ආරම්භ කරනවා. තුන්වන වටය හැටියට උදා ගම්මාන 10000ක් හතර වැනි අවසාන වටයට හැටියට තවත් උදා ගම්මාන 2500ක් හදලා 2025 දී අපි සැමට සෙවන උදා කරන්නට කටයුතු කරනවා.

මේ අවස්ථාවට පළාත් පාලන පළාත් සභා රාජ්‍ය අැමැති හාරිස්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝනේෂ්වර්ම් ,හිටපු ඇමැති පී. දයාරත්න , නැඟෙනහිර පළාත් සභාවේ චන්ද්‍රදාස ගලප්පත්ති මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ .

ලාහුගල ගයාන්
ඡායාරුප- ලාහුගල ගයාන්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();