Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මතට එරෙහිව සිසුන් සහ මවුපියන් දැනුම්වත් කරයි

මතට එරෙහි පාසලෙන් ජවයක් යන මැයෙන් ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ව සිදු කරගෙන යන ජාතික වැඩපිළිවෙළට සමගාමීව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් ළමයින් මෙන්ම එම දරුවන්ගේ මවුපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (23) අම්බලන්තොට පොලිස් වසමේ පාසල්වල අම්බලන්තොට පොලිසියේ සංවිධානයෙන් ක්‍රියාත්මක කෙරිණි.

මෙහි දී අම්බලන්තොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජය ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතාගේ සංවිධානයෙන් පැවැත් වූ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අම්බලන්තොට සියඹලාගස්විල ඥානෝදය විද්‍යාලයේ දී පවත්වන ලදී.

මේ වැඩසටහනට සමගාමීව පාසල් බස් රථ සහ අනෙකුත් වාහනවල මත්ද්‍රව්‍ය නිවාරණය හා එයට එරෙහිවීම සම්බන්ධයෙන් දැනුම්වත් කරනු ලබන දැන්වීම් ස්ටිකර් ඇලවීමද පොලිසියේ මැදිහත්වීමෙන් සිදු කරනු ලැබීය.

අම්බලන්තොට සමූහ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();