ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව සබරගමුව පළාත් නිල උත්සවය පෙරේදා (26) පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ, පළාතේ සියලු පාසල්, රජයේ කාර්යාල හා ආගමික ස්ථාන ආවරණය වන පරිදි දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් සතියක් පුරා ක්‍රියාත්මක කරනු ලැබීය.
මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් හේරත් පී කුලරත්න, පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කමල් ආරියසිංහ සහ ධර්මපාල විද්‍යාලීය විදුහල්පති පී. පී. පී. කළුබෝවිල යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
0 Comments