අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යාය (උපකුලපති) ලෙස මහාචාර්ය වරදිවෙල විජයසුමන ස්වාමීන් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට තිබේ.
එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව සහ උත්තරීතර සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මේ පත් කිරීම සිදු කොට ඇත.
ආධුනික කථිකාචාර්යවරයකු ලෙස 1999 වර්ෂයේ එම විශ්වවිද්‍යාලයේ සේවයට බැඳුණු මහාචාර්ය වරදිවෙල විජයසුමන ස්වාමීන් වහන්සේ සමාජ විද්‍යා සහ තුලනාත්මක අධ්‍යයන අංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා එහි අංශ ප්‍රධාන, භාෂා සහ සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති, තත්ත්ව සහතිකකරණ ඒකකයේ අධ්‍යක්ෂ, පශ්චාත් සහ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කොට ඇත.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ
0 Comments