Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතීන් අතර සහෝ­ද­ර­ත්වය ගොඩ­නැ­ගීමේ පාලම භාෂාව හා සංස්කෘ­ති­යයි

අප සෑම විටම සිතිය යුත්තේ සියලු සංස්කෘ­තීන් හා භාෂාවේ ගැබ්ව ඇති එක­මු­තු­කම, සහෝ­ද­ර­ත්වය හා සුහ­ද­ත්වය වර්ධ­නය කිරීම බව උතුරු පළාත් ආණ්ඩු­කා­ර­වර ආචාර්ය සුරේන් රාඝ­වන් මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැව­සුවේ මුල­තිව් ප්‍රදේ­ශයේ මල්ලාවි, යෝගි­න්බි­ගෙයි, යෝග­පු­රම් කෝවිලේ පැවැති උත්ස­ව­ය­කට පසු­ගිය දා (18) සහ­භාගී වෙමිනි. එම අව­ස්ථාව සඳහා ප්‍රදේ­ශයේ ජන­තාව සහ රාජ්‍ය නිල­ධා­රීන්ගේ පැමි­ණීම පිළි­බ­ඳව තමන්ගේ සතු­ටද ආණ්ඩු­කා­ර­ව­රයා විසින් එහිදී පුද කළේය.

ඉන් පසුව වන්නි ප්‍රදේ­ශයේ ජන­තාව විශ්වාස කරන වන්නි දෙවි­යන් පිළි­බ­ඳව සකස් කළ වාර්තා­මය වැඩ­ස­ට­හ­නක් ද ආණ්ඩු­කා­ර­තු­ම­න්හට පිළි­ගන්වූ අතර ප්‍රදේ­ශයේ ජන­තාව සහ ආග­මික නාය­ක­යන් එතු­මන්ව ඉතා ඉහළ පිළි­ගැ­නී­ම­කට ලක් කරනු ලැබීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සුරේන් රාඝ­වන් මහතා කියා සිටියේ අප සියලු දෙනා අදි­ටන් කර ගත යුත්තේ බිඳුනු සිත්, රිදුනු සිත් නැතිව එක්සිත්ව සෑම දෙනාම එක මව­කගේ දරු­වන් මෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය තුල ජීවත් විය යුතු බවත් අපි සියලු දෙනාම එකතු වී එක් ගම­නක්, එක් අර­මු­ණක් කරා යා යුතු බවත් ය. ඒ උදාර ගමන යෑමට අප එක් විය යුතු බව ඒ මහතා කීය.

භාෂාව හා සංස්කෘ­තිය වෙනස් වූවත් සියලු සංස්කෘ­තීන් හා භාෂාව තුල ගැබ්ව ඇති එක­මු­තු­කම, සහෝ­ද­ර­ත්වය හා සුහ­ද­ත්වය වර්ධ­නය කිරී­මට අප සෑම විටම සිතිය යුතු බවත්මේ සියලු දේ තේරුම් ගෙන අපි සියලු දෙනාම සහෝ­ද­ර­ත්ව­යෙන් එක­තුවී කට­යුතු කල යුතු බවත් පැවසූ ආණ්ඩු­කා­ර­ව­රයා තමා වටා සිටින බාල, මහළු, වැඩි­හිටි සියලු දෙනා­ටද මේ පිළි­බ­ඳව වටහා දී එක මඟක ගමන් කිරී­මට අදි­ටන් කර­ගත යුතු බවත් කීවේය.

එම අව­ස්ථාව සඳහා ආණ්ඩු­කා­ර­වර ලේකම් එල්.ඉලං­ගෝ­වන් , ආණ්ඩු­කා­ර­වර පෞද්ග­ලික ලේකම් නීතිඥ කැලුම් හේවගේ , උතුරු පළාත් අධ්‍යා­පන ලේකම් එස්. සත්‍ය­සී­ලන් , පාර්ලි­මේන්තු මන්ත්‍රිනී ශාන්තිනී කන්ද­රාජා යන මහත්ම මහ­ත්මීන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් සහ ප්‍රදේ­ශයේ විශාල ජන­තා­වක් ද සහ­භාගී වී සිටි­යහ.

චන්දිමා කරු­ණා­රත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();