Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලිහිදී මිය ගිය විරුවන්ට ඩොලර් ලක්ෂයක වන්දි

Author(s): 
විජයානි එදිරිසිංහ

මාලි රටේ සාම සාධක හමුදා සේවයට ගොස් සිටිය දී මිය ගිය හමුදා සාමාජිකයන්ට එරටින් අමෙරිකා ඩොලර් 50,000 බැගින් ඩොලර් ලකෂයක විශාල වන්දියක් ගෙවීමට සුදානම් බව යුද්ධ හමුදාව පවසයි.

යුද්ධ හමුදාවේ මේජර්වරයකු සහ හමුදා සෙබළකු මෙම ප්‍රහාරයෙන් මිය ගිය අතර, එම හමුදා සාමාජිකයන්ගේ දේහයන් මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත්, ඒ සඳහා තවත් දින කිහිපයක් ගත වන බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. මෙම ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල් ගත කර ඇති හමුදා සාමාජිකයන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවද අනෙක් දෙදෙනාට සුළු තුවාල සිදුවී ඇති බවද පැවසේ. ඔවුන්ට මාලේ ඉහළ ම රෝහලකින් ප්‍රතිකාර ලබාදීමේ කටයුතු සිදු කෙරෙන බවද කියයි.

මාලේ රජයට එරෙහිව සිටින ත්‍රස්තවාදී ගරිල්ලා කණ්ඩායම් මෙම ආරක්ෂක රථ පෙළට මීට පෙර අවස්ථාවක ද ප්‍රහාරයක් එල්ල කර ඇත. එම ප්‍රහාරය අපේ හමුදා කණ්ඩායම් සාර්ථකව මැඩපැවැත්වීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();