Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා පිතිකරුවන් ගොඩගන්න ‘ඒ’ පිලේ පුහුණුකරු ඔස්ට්‍රේලියාවට

ෆවුස් මොහොමඩ්

ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගමාලාවකට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පිතිහරඹ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පත් කර තිබේ. පෙබරවාරි මස 1 වැනිදා ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් නැවත ලකුණු අතරට රැගෙන යාමේ වගකීම බාරගැනීමට අවිශ්ක ගුණවර්ධන ඊයේ රාත්‍රී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු පසුගිය වසර කිහිපය තුළ විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ අතර පසුගියදා නිමාවට පත්වූ අයර්ලන්ත ‘ඒ’ පිලට එරෙහි එක්දින තරගාවලිය තරග 5-0කින් ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්වූයේ ඔහුගේ පුහුණුකාරිත්වයෙනි.

අවිශ්ක ගුණවර්ධන ජාතික පිලේ තාවකාලික පිතිහරඹ පුහුණුකරු ලෙස පත් කරනු ලැබුවේ හිටපු පිතිහරඹ පුහුණුකරු ජොන් ලුවිස් පෞද්ගලික හේතුවක් මත නිවාඩු ලැබීම නිසාය. දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ඔහු නැවත ශ්‍රී ලංකා පිලට එක්වනු ඇතැයි ද, ඔස්ට්‍රේලියාවට එරෙහිව කැන්බරා නුවරදී පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී පමණක් අවිශ්ක ගුණවර්ධන පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මීට පෙර වසර 2017දී ද ජාතික පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙස කෙටි කාලයක් කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනගෙන් පසුව හිටපු පිතිකරු තිලාන් සමරවීර එම තනතුරට පත්වූ අතර ඔහු වෙනුවට ජොන් ලුවිස් පිතිහරඹ පුහුණුකරු ලෙස පත්වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක ගුණවර්ධන ටෙස්ට් තරග 6කට සහ එක්දින තරග 61කට ක්‍රීඩා කළේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();