Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නියෝමාල් රංගජීව පොලිස් නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයෙන් ජනපති අතින් පිදුම් ලබයි….

මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙරට පොලිස් නිලධාරියෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා විසින් ” ජනාධිපති පොලිස් වීරතා” සම්මානය නියෝමාල් රංගජීව මහතාට අද 28 දින පිරිනමා ඇත.

2015 ජනවාරි 01 වන දා සිට 2019 ජනවාරි 14 වන දා දක්වා කාල පරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායකවී ඇති නිලධාරීන් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රීයව දායකවූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1034 දෙනෙකුට මෙහිදී ජනාධිපතිවරයා, පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමීමට නියමිතයි.

කාණ්ඩ 3 ක් යටතේ මෙම ඇගැයීම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();