Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරුණු ඩෙනිම් සහ කළු රෙදි

ජනවාරි 31, 2019

සජීවි වැඩ සටහනකට ගිහින් කුෂානි සඳරේඛාට හරිම ඇබැද්දියක් තමයි වෙලා තියෙන්නේ. ඇයට එදින වැඩසටහනට වැඩිය හිතලා බලන්නේ නැතුව ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන ගිහින්. ඒ ඩෙනිම් කකුල් දෙක මඳක් ඉරී ගොස් තිබෙන්නේ ස්ටයිල් එකටලු. හිටගෙන ඉන්නවාට වඩා වාඩි වුණාම තමයි ඩෙනිමේ ඉරීගිය හරිය පේන්නෙ. ඔන්න වැඩසටහනට ගියාම ක්ෂේත්‍රයේ දන්න කියන තවත් චරිත හයක් එතැන ඉන්නවලු. කුෂානි හිතුවලු තමන්ව පිටිපස්සෙ අසුනක වාඩි කරලා වෙන කෙනෙකුව ඉදිරි අසුනක් දෙයි කියලා. වෙලා තියෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. කුෂානිට ඉදිරියෙන්ම වාඩිවෙන්න කියලා ආරාධනා ලැබුණලු. කරන්න දෙයක් නැහැ ඇය එතැනින් වාඩිවෙලා. ස්ටයිල් එකට ඉරී ගිය ඩෙනිම ඇඳගෙන ආපු එකට ඇය තමන්ටම හිතින් දොස් කියා ගත්තලු. ඔය අතරේ සහෝදර ශිල්පියෙක් අවට සරසන්න ගෙනාව රෙද්දක් කුෂානිගේ අතට දීලා මෙහෙම කිව්වලු. 'මේකෙන් කකුල් දෙක වහගන්න'.

නිශ්ශංක විජේරත්න





Sarasaviya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();