Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුනිල්සෝම ඔබට සුව වේවා

ජනවාරි 31, 2019

හෙළ සිනමා වංශ කතාවේ වැඩිම සිනමාපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ ඒ අසමසම වාර්තාවට හිමිකම් කියන්නේ වෙනින් කවුරුවත් නොව සුනිල්සෝම පීරිස්. එකල බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ඔහුගේ චිත්‍රපට තිරගත වුණා ඔබට මතක ඇති. දින සියයේ චිත්‍රපට රැසක්ම ඔහු තැනුවා. සුනිල්සෝම අලුතින් පිරිසක් ද සිනමාවට හඳුන්වා දුන්නා. ඔහුගේ ආභාසයෙන් පුතු සුදේශ් වසන්ත පීරිස් හා සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් මුණුපුරු කේෂාන් පෙරේරා අද වනවිට සිනමා ක්ෂේත්‍රය තුළ සක්‍රීයව කටයුතු කරනවා. සුනිල්සෝම කලක් තිස්සේ රෝගාතුරව සිටින වග අලුත් ආරංචික් නෙවෙයි. ඒ රෝගි තත්ත්වය උත්සන්නව නැවතත් ඔහු රෝහල් ගත කරලා. ජයවර්ධන පුර රෝහලේ සුනිල්සෝම ප්‍රතිකාර ගන්නවාලු. අභාග්‍යකට ඔහුට ඉතිරිව තිබුණු අනෙක් කකුලත් කපා ඉවත්කොට ඇති වගයි දැනගන්නට ලැබෙන්නේ. සිනමාව වෙනුවෙන් තම ජීවිතයේ වැඩි කාලයක් කැප කළ සුනිල්සෝම අපට ලෙහෙසියෙන් අමතක කරන්න පුළුවන් චරිතයක් නොවෙයි. ඒ වුණත් ඔහු ඇගයුවේ නැති තරම්. ඉක්මන් සුවය සුනිල්සෝමට අප ප්‍රාර්ථනා කරන්නේ දීර්ඝායුෂත් පතන ගමන්.





Sarasaviya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();