Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චාමික කරුණාරත්න ටෙස්ට් පිලට

ඔස්ට්‍රේලියාව සමග බ්‍රිස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවට දකුණත් වේග පන්දු යවන නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. 22 හැවිරිදි යොවුන් ක්‍රීඩකයකු වන චාමික ඉදිරි දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය. දෙරට අතර දෙවැනි තරගය ලබන මස 1 වැනිදා ආරම්භ වෙයි.

පාදයේ කළව පිටුපස මස්පිඬුව ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ළහිරු කුමාර පන්දුවට පහරදීමෙන්ද වැළකී සිටියේය. වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ද ආබාධයකට ලක්ව ඇති අතර මේ දෙදෙනාම යළි ශ්‍රී ලංකාවට එවා තිබේ.

මින් පෙර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පිල සමග පුහුණු තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ද ආබාධයකට ලක්විය.

තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති චාමික මේ වනවිට පළමු පෙළ තරග 29කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 998ක් රැස්කර තිබේ. ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59කි. පසුගියදා නිමාවූ අයර්ලන්ත ‘ඒ‘ පිල සමග පළමු සිවුදින තරගයේදී ශතකයක් රැස්කළ ඔහු කඩුලු 3ක් දවා ගැනීමටද සමත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();