Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛතම රට බවට පත් කරනවා

වික්‍රමාන්විත ක්‍රීඩා ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ලබා දෙමින් ශ්‍රී ලංකාව සංචාරක ක්‍රීඩා සඳහා ආසියාවේ ප්‍රමුඛතම රට බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නේ යැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ජයමහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ බණ්ඩාරගම පිහිටි පෞද්ගලික සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන ආසියාවේ විශාලතම කාර්ටින් ධාවන පථය වන ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් ධාවන පථය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා නව දැක්මකින් කටයුතු කළයුතු බවත්, විවිධ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සහිත ක්‍රීඩා සඳහා විශාල සංචාරක ආකර්ශනයක් පවතින බවත් පැවසීය. මෙම අංශය ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම රජයේ අපේක්ෂාව බවද ඔහු පැවසීය.

ආසියාවේ විශාලතම හා ගුණාත්මක ධාවන පථය අප සතු වීම ආඩම්බරයට කරුණක්. එම ධාවන පථය නිර්මාණය කළ පෞද්ගලික සමාගමට රජය ස්තුති විය යුතුයි. එසේම කාර්ටින් ධාවන තරග මෙන්ම අනෙකුත් ක්‍රීයාකාරකම් ක්‍රීඩා සඳහා ද පහසුකම් නැංවිය යුතුයි. මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි දින ගණනක් මෙරට තුල රඳවා ගැනීමට හැකි ලෙස විවිධ ක්‍රියාකාරකම් ඇති කිරීමට අප වග බලාගත යුතු බවද නලින් බණ්ඩාර මහතා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ඩේවිඩ් පීරිස් සමාගමේ සභාපති ඩේවිඩ් පීරිස් මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();