Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චක‍්‍රලේඛයක් නිසා සබරගමුව පළාතේ අධ්‍යාපන ලේකම් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සීතල ගැටුමක

චක‍්‍රලේඛයක් නිසා සබරගමුව පළාතේ
අධ්‍යාපන ලේකම් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ
සීතල ගැටුමක


මෙම චක‍්‍රලේඛය ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ගැටලූවලට විසඳුමක් - පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය

මේ චක‍්‍රලේඛයට කැමැති ටියුෂන් කරන සියයට පහක් තරම් ගුරු පිරිසත් - සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පු

සබරගමුව පළාතේ පාසල්වල වාර විභාග පැවැත්වීම නියාමනය කරනු පිණිස අලූත් චක‍්‍රලේඛයක් නිකුත් වී තිබේ. එම චක‍්‍රලේඛය නිකුත් කරන්නේ සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා විසිනි.

පාසල්වල වාර විභාග පැවැත්වීම පිණිස සකස් කරනු ලබන කාලසටහන් වාර විභාගය පැවැත්වීමට සති දෙකකට ප‍්‍රථම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තම අනුමැතිය ලබා ගත යුතු යැයි එමගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සෘජු උපදෙස් ලබා දී තිබිණි. එහි දී වාර විභාග පැවැත්වීම හා සම්බන්ධ කාර්යය සාර්ථක කර ගනු පිණිස අධ්‍යාපන පරිපාලනය හා එහි ශ‍්‍රීතයන් කෙරෙහි ද දැඩි අවධානය යොමු කරයි. තව ද එම චක‍්‍රලේඛය මගින් වාර විභාග පැවැත්වෙන කාලසීමාව තුළ කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් සඳහා පුහුණු සැසි, සම්මන්ත‍්‍රණ හා වැඩමුඵ පැවැත්වීම නොකළ යුතු යැයි ද අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී විධාන කර තිබිණි.


වාර විභාග කාලසටහන සකස් කිරීමේ දී සෑම වාරයකම අවසාන දිනට - හෙවත් සිසුන්ට නිවාඩුව ලබාදෙන දිනට සතියකට පෙර වාර විභාග අවසන් වන පරිදි විභාග කාලසටහන සකස් කිරීමටත් එ් අනුව වාර විභාග පවත්වා අවසන් කිරීමටත් එම චක‍්‍රලේඛයෙන් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

මෙතෙක් සබරගමුව පළාතේ පාසල්වල වාර විභාග පැවැත්වීමේදී විභාග කාලසටහන සකස් කිරීම හා වාර විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විදුහල්පතිවරුන්ට හා ගුරුභවතුන්ට වෙනත් රාජකාරී පැවරීම පිළිබඳවත් පැවතියේ අතිශය ව්‍යාකූල තත්ත්වයකි. වාර විභාගයට කාලසටහන් සැකසීම සහ වාර විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් හදිසියේ ආකස්මික- අහම්බකාරක සිදුවීම් දේ දැනෙන, පෙනෙන පරිදි සම්මන්ත‍්‍රණ , වැඩමුඵ හා සේවාස්ථ සැසි සඳහා හදිසියේ එසැණින් - දුරකථන ඇමතුම් මගින් පවා නිරන්තරයෙන් කැඳවීම් සිදු කෙරිණ. එකල්හි පාසල හැරපියා විදුහල්පතිවරු සහ ගුරුවරු කලාප කාර්යාල කරා දිව ගියහ. අධ්‍යාපන බලධාරීන්ට එහි වරදක් නොපෙනුණ ද අධ්‍යාපනඥයන් වූ අධ්‍යක්ෂවරුන්ට මෙම වරද දුර දෘෂ්ටිකත්වයේ අපර සීමාවටම පෙනී යා යුතු ව තිබිණ.

පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ එම චක‍්‍රලේඛය සම්බන්ධයේ සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා අංක ීඨරැුෑෘරැුඡුෘෑරැු01 හා 2018-12-11 දින දරන ලිපියක් නිකුත් කරමින් සබරගමුව පළාතේ සියලූම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දී සිටින්නේ එම චක‍්‍රලේඛයේ සඳහන් වාර විභාග පැවැත්වීමට අදාළ නියමයන් පිළිබඳ ව කටයුතු නොකරන ලෙසත් චක‍්‍රලේඛය පිළිබඳව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් නොකරන ලෙසත් ය.

දරුවන්ගේ ඉගෙනුම්- ඉගැන්වීම් ක‍්‍රියාවලියේ අවසාන අග‍්‍රඵලය හෙවත් ‘සංකල්ප සාධනය’ විමසා බැලෙන්නේ වාර විභාග මගිනි. අධ්‍යාපන විද්‍යාවේ ‘සම්පිණ්ඩිත ඇගයීම’ සංකල්පය කෙරෙහි සාධු සම්මත සුසාධ්‍යකාරක ගුණයෙන් පිරිපුන් මේ අධ්‍යාපන චක‍්‍රලේඛයට එරෙහි වන්නේ ඇයි? අවිදුර දෘෂ්ටිකත්වයෙන් ඉසව්වෙන් ඔබ්බට දුර බැලිය හැකි උවාරණයක් මේ සම්බන්ධයෙන් අධ්‍යාපනඥයන් සතු නොවේ ද?

සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේ දී හෙතෙම මෙසේ පැවසීය;

‘‘මාගේ අංක සබර/2018/09 දරන චක‍්‍රලේඛය මගින් පළාත් අධ්‍යාපන සංවර්ධන ක‍්‍රියාවලියට ඍණාත්මක බලපෑමක් ඇති කෙරෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා. එහෙත් මගේ චක‍්‍රලේඛය නිකුත් කිරීමට හේතු පාදක වූයේ ගුරුවරුන් , විදුහල්පතිවරුන් සහ ගුරු වෘත්තිය සංගම් විසින් වරින් වර දිගු කාලයක සිට කරන ලද ඉල්ලීම් , දුක් ගැනවිලි සලකා බලා එ් සම්බන්ධයෙන් ගරු ආණ්ඩුුකාරතුමිය වෙත ද ලැබී ඇති තොරතුරු මත පදනම්ව එතුමිය විසින් ලබා දුන් උපදෙස් ද සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු තත්ත්වයක් උද්ගත වූ බැවිනි. පැහැදිලිව ම මෙය ගුරුවැන් සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ගැටලූවලට විසඳුමක් සපයා දීමේ අරමුණ පෙරදැරි කරගත් තීරණයක්. මේ සම්බන්ධයෙන් මා විසින් මෙයට පෙර අවස්ථා ගණනාවක දී ම වාචිකව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර තිබුණා. අපේ ප‍්‍රධානතම වගකීම හා යුතුකම විය යුත්තේ යටත් නිලධාරීන්ගේ මානසිකත්වය, සිතුම්, පැතුම් අදහස් උදහස් දුක් ගැනවිලි හා විවේචන වලට සවන් දී සුදුසු කළමනාකරණ ප‍්‍රවේශයන් තම ආයතන තුළ සකස් කර ගැනීමය. අනෙක් අතට වෘත්තීය සංගම්වල අදහස් ද සැලකිල්ලට ගත යුතු යි. පද්ධතියේ බහුතර අදහස්, ඉල්ලීම් සහ සිතුම් පැතුම් වලට ද අප හැකි සෑම විටම සාවධාන විය යුතුයි.

බලංගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරයෙකු අප සමඟ පැවසුවේ ඉකුත් වසරේ අපේ‍්‍රල් වාර නිවාඩුව ලබා දෙන දිනයේදීත් විදුහල්පතිවරුන් සඳහා පුහුණු සැසි යොදා තිබුණු බවත් එ් නිසා අධ්‍යාපන (රේඛීය* අමාත්‍යාංශ නියමය පරිදි පැවැත්විය යුතුව තිබූ සිංහල දෙමළ අලූත් අවුරුදු උත්සවයට ද එදින බාධා ඇති වූ බවත් ය. මේවා ඉහළ නිලධාරීන්ට කියලා වැඩක් නැහැ. ප‍්‍රතිඵලයක් නැහැ. අවසාන ප‍්‍රතිඵලය අප කෙරෙහි ඔවුන් වෛරී සහගත ආකල්පයකින් කටයුතු කිරීම පමණයි. පුවත්පතේ තම නම පළ නොකරන මෙන් ඉල්ලා සිටි විදුහල්පතිවරයා අප සමඟ පැවසීය. එනයින් විදුහල්පතිවරුන්ගේ උදාර පුරුෂාර්ථවල මකරන්දයේ- සුගන්ධ ආමෝදය වළකන පරිදි ක‍්‍රියා කිරීම සංස්කෘතික පාපයක් බව කිව යුතු ය.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසුරිය මහතාගේ අංක සබර /2018/ 09 චක‍්‍රලේඛය සම්බන්ධයෙන් අපි සබරගමුව පළාත් අධ්‍යාපන අධත්‍ක්‍ෂ සේපාල කුරුප්පු මහතාගෙන් විමසීිමක් කළෙමු.

‘‘ප‍්‍රස්තූත චක‍්‍රලේඛයට අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් අතුරින් ඍජුවම කැමැති වන්නේ සියයට 5ක් තරම් ඉතා සුළුතර පිරිසක් පමණයි. වාර විභාග පවත්වන දිනවලත් ටියුෂන් පන්ති කරන ඔවුන්ට පාසලේ වාර පරීක්ෂණ උත්තර පත‍්‍ර ඇගයීම් කටයුතු කරන්නට කාලයක් නැහැ. ඒ නිසා මේ සියයට 5 චක‍්‍රලේඛයට කැමතියි. වාර පරීක්ෂණ කියන්නේ අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ කුඩා ක‍්‍රියාවක් පමණයි. එහෙත් ගුරු සංගම් එකක් දෙකක් වාර පරීක්ෂණ කාල සීමාව තුළ ගුරුවරුන්ටත්, විදුහල්පතිවරුන්ටත් වෙනත් රාජකාරි පවරනවාට විරුද්ධ බව අප දන්නවා.

සාමාන්‍යයෙන් අපි පාසල් වාර පරීක්ෂණ පැවැත්වෙන කාල සීමාව තුළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට පාසලෙන් බැහැර වෙනත් රාජකාරි පවරන්නේ නැහැ. හැබැයි සුවිශේෂී අවස්ථා එළැඹෙනවා. ඒ කියන්නේ ‘ඉසුරුපාය’ - අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වාරය අවසානයේ දී අපට මුදල් ප‍්‍රතිපාදන ලබා දෙන අවස්ථාවල දී අපි ඒ මුදල් පද්ධතියේ ඵලදායීතාවට ඉවහල් වන බව හිතලා එය භාර ගෙන සැසි, රැුස්වීම් පවත්වනවා. එසේම ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මගින් විදුහල්පතිවරුන්ට අදාළ මුදල් ප‍්‍රතිපාදන පිළිබඳ රැුස්වීම් පවත්වන්නට සිදු වෙන අවස්ථා එළඹෙනවා. ඉකුත් වාර විභාග දවස්වල තෝරාගත් පාසල් 90 ක විදුහල්පතිවරුන් කැඳවීමට අපට සිදු වුණා. නමුත් මා දන්නවා ඒ 90 දෙනා මේ උද්ගත වූ තත්ත්වය ඉදිරියේදී එම රැුස්වීම නිසා පාසලට පාඩුයි කියලා කියන්නේ නැහැ. පළාතේ පාසල් දහසකට අධික විදුහල්පතිවරුන්ට එම රැුස්වීම කොහොමටත් ප‍්‍රශ්නයක් නෙවෙයි

‘‘වාර විභාග ගැන කියනවා නම් වාර පරීක්ෂණ අපි පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් කරන්ඩ ඕනෑ දෙයක් නෙමෙයි. එය පාසල කරගත යුතු දෙයක්. ඉදිරියේදී අපි මධ්‍යවාර පරීක්ෂණයේ සිට වාර විභාග පවත්වන්නේ අධ්‍යාපන ලේකම්තුමා සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුවයි. කතාබහ කරලා මේ උද්ගත වූ තත්ත්වයට අපට විසඳුමකට එන්නට පුළුවනි.‘‘

මේ දේවල් නොවෙයි ඇත්තට ම අධ්‍යාපනයට බලපාන ප‍්‍රශ්න වෙලා තිබෙන්නේ. අධ්‍යාපනය පිළිබඳව මා හටත් සාධාරණ විවේචනයක් තිබෙනවා . නමුත් එය සංවර්ධනාත්මක විවේචනයක්. මේ දේවල් නොවෙයි සාකච්ඡුා කළ යුත්තේ. වත්මන් අධ්‍යාපනයේ සැබෑ ස්වරූපය හරි තැනින් අල්ලාගෙන කතා බහ කළ යුතුයි. අධ්‍යාපන ලේකම්තුමා සහ මා අතරේ ප‍්‍රශ්නයක් නැහැ. අප දෙදෙනාට සාකච්ඡුා කරන්නට ඉඩ ලැබෙන ප‍්‍රථම අවස්ථාවේදී ම මේ ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කරනවා. එමගින් විසඳුමකට එන්නට පුළුවනි.’’

අධ්‍යාපන පද්ධතිය තුළ අපගේ වැදගත් ම හා ප‍්‍රධාන ම සම්පත වන්නේ පාසල් දරුවන් ය. එම පාසල් දරුවන්ට හොඳ නරක කියා දෙමින් ‘උදය ම පුබුදන’ - ගේ දොර අමදින - ගුරු දෙවි නමදින - බාබුල් - බුලත් නොකන - නරක සී.ඞී නොබලන, ෆේස් බුක් නොයන ‘සිරිමත් මගෙ සකි.’ පන්නයේ යහපත් දරුවෙකු බිහිකර ගැනීමේ වෑයමේ ස්ථානීය මව්පියන් වන්නේ පාසලේ විදුහල්පතිතුමා ඇතු`ඵ ගුරු දෙවිවරුන්ය.

යම් ආයතනයක් හෝ ක‍්‍රමයක් ඇතුළේ පවතින සාමුහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට ඉවක් බවක් නැති උඩඟු බව අවසානයේ දී භයානක මාරක ඇවිදීමක් බවට පත්වීමට පු`ඵවන. එය පද්ධතියේ කිසිවකු ම මෙන් ම අප ද තුන් හිතකින්වත් අපේක්ෂා කරන්නක් නොවේ.

සංවිධානාත්මක ආයතනයක පරිපාලනය හෝ නායකත්වය ප‍්‍රසිද්ධියේ නොසලකා හැරීම මඟින් ඉතා කැත චිත‍්‍රයක් පින්තාරු වෙයි. මේ චිත‍්‍රය පරමාදර්ශයක් ලෙස ගෙන මවුන්ට් කර , පේ‍්‍රම් කර තම තමන්ගේ කාමරවල ඉෂ්ට දේවතාවන් වඩා හිඳුවන තැන එල්ලා තබා ගැනීමට සංවිධානයේ හෝ ආයතනයේ සෙසු සාමාජිකයෝ ඉඳුරාම කැමැත්තාහ. එබඳු සිදුවීම් භයානක වන්නේ එබැවිනි.

එහෙයින් ප‍්‍රශ්නගත චක‍්‍රලේඛය ප‍්‍රතික්ෂේප කිරීමේ සැබෑ හේතු ගුරුවරුන් වන අපට දැන ගැනීමට අවශ්‍ය යැ’යි සබරගමුවේ ගුරුවරු පවසති. නොඑසේ ව සෙසු අධ්‍යක්ෂවරුන්ගේත් විදුහල්පතිවරුන් සහ විශේෂයෙන් නැතක් කැප කිරීම් කරමින් අපමණ වෙහෙසකින් ‘සිරිමත් මගෙ සකි.’ පන්නයේ යහපත් ළමයකු තැනීමට වෙර දරන බහුතරයක් වුණ ගුරුවරුන් වන අපගේත් ගෞරවය, පිළිගැනීම සහ විශ්වාසය රඳවා ගැනීම උගහට වන බව එ්කාන්ත වශයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ප‍්‍රකාශ කර සිටින්නේ යැ’යි රත්නපුර ගුරු පිරිසක් අප සමඟ පැවසුහ.

ජීවිතයේ විනිමය හෙවත් ‘හුවමාරු වටිනාකම’ යනු රුපියල් සත නොවේ. තුමුල සේවාර්ජිත නිරාමිස ප‍්‍රහර්ෂය අරමුණු කරගත්, වෘහද් චරිතාපදාන රචනයෙහි තුඩුදෙන, යහපත් ආචාරධාර්මික ප‍්‍රාග්ධනයෙන් සරු දිවි පෙවෙතක මහිමය මේ යැ’යි ප‍්‍රකට කරන්නට වෙහෙසන සුධීමත් විදුහල්පතිවරුන් අරබයා පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ ප‍්‍රස්තූත සුළවත් පරිපාලන භූමිකාව හා එහි ශී‍්‍රතයන් අපි සැබැවින් ම අගය කරමු. එද නොවේ. එතුමාගේ විශිෂ්ට සම්ප‍්‍රදානය විදුහල්පතිවරුන්ගේ උදාර පුරුෂාර්ථවල මකරන්දය කල - නොකල හා තැන- නොතැන ද බැලීමකින් තොරව පැවැත්වෙන ‘‘වර්ක් ෂොප්’’ ‘‘සෙමිනා’’ සහ ‘‘මීටින්’’ මගින් මිලින කරන්නට, කිළිටි කරන්නට සහ මිලින කරන්නට කිසිවකුට - කිසි විටක ඉඩදිය යුතු නොවන වග සටහන් කර තබමු.

-තුසිත් සාගර
පැල්මඩුල්ල (දිවයින)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();