Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරේ.

Johnston-

වර්ෂ පහකට අදාල වත්කම් බැරකම්  ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහින්ද  රාජපක්ෂ  පාලන  සමයේ   හිටපු ආහාර හා  සමූකාර අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝග කර  ඇති  බව වාර්තා වේ .

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව  සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන්  හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය   වර්ෂ 5 කට අදාළ නඩු  05 සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දී   ඇත.

2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වසර 5ක කාලයක්  තුළ වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව නිසි බලධාරියා විසින්  ඉදිරිපත් නොකර සිටීම වරදක්  ලෙස  සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

The post ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();