Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටි තුනක කුඩු සමඟ අඹු-සැමි යුවළ කිරිබත්ගොඩ දී දැලේ

රක්ෂණ ශ්‍රියන්ත

රුපියල් මිලියන 36කට අධික වටිනාකමිකින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවකු සහ සැකකාරියක ඊයේ (30) සවස කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ දී ත්‍රස්ත විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන දිසාවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි හෙරොයින් ගෑම් 100ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් අනතුරුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේ දී සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී නිවස තුළ තිබී තවත් හෙරොයින් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහිත පාර්සල් තුනක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් සහ සැකකාරිය වයස අවුරුදු 36ක් වන අඹු සැමි යුවළක් බව පොලිසිය පවසයි.

ත්‍රස්ත්‍ර විමර්ශන දිසාව මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();