Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යෝෂිත, ඩේසි මිත්තනිය නමින් ඉඩමක් මිලදී ගැනීම ගැන තවදුරටත් විමර්ශන

අමෝදා ජයමහ

රුපියල් මිලියන පනහක් වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස් මහත්මියගේ නමට මිලට ගැනීම සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල් මහතා හමුවේ ඊයේ (30) කරුණු වාර්ථා කරමින් පැවසී ය.

අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතු වලට සහ දේපළ මිල දී ගැනීමේ කටයුතු සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ නඩුව සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇත‍.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් සහ ඩේසි ෆොරස් මහත්මියගෙන් සේලාන් බැංකුවේ පවතින ඔවුන්ගේ පුද්ගලික ගිණුමක් සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගත් බව හා එම ප්‍රකාශ නිතීපති වෙත යොමු කිරීමට කටයුතු කළ බව පවසා සිටියේ ය.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නිතීපති උපදෙස් සදහා නඩුව එළැඹෙන මැයි (29) දිනට කල් තැබිණි.

සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස් යන අය ඊයේ (30) අධිකරණය ඉදිරියේ පෙනි සිටියහ.සැකකරුවන් වෙනුවෙන් නිතීඥ දොලවත්ත ඇතුලු නිතීඥ මඩුල්ලක් අධිකරණයේ පෙනී සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();