Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති රවිගේ අමාත්‍යාංශයේ ආයතන 7කට සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කරයි

චමීර ඇල්දෙණිය

විදුලි බල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන හතක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ඊයේ (30) පත් කෙරිණි.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත් කිරීම් සිදු කෙරිණි.

ඒ අනුව පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිසම, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය සදහා ඇමැති කරුණානායක මහතා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන ලදී.

විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රකිත ජයවර්ධන මහතා, උප සභාපතිවරයා ලෙස රජීව් සෙල්වරාජ් මහතා, ක්‍රියාකාරි අධ්‍යක්ෂ කේ.කේ. තිස්ස ජිනදාස මහතා පත්කර ඇත.

පරමාණුක බලශක්ති මණ්ඩලය සභාපති දීපාල් සුමන්ත්‍රී ගුණරත්න මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රවීන්ද්‍ර රත්නසේකර මහතා, සම්පත් චන්ද්‍රසේන මහතා, චන්දන පෙරේරා මහතා, විදානගේ සංජීව දික්වැල්ල, මොහොමඩ් හිශාම් ජමාල්ඩීන් මහතා පත්කර ඇත.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය සභාපති තුවාන් මොහොමඩ් රාමසාන් බන්ග්සා ජයා මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජී.ඩී.පී.කේ. සේනාරත්න මහතා, අම්බපාලි සිකුරාජපති මහත්මිය,

උපුල් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ගුණරත්න වන්නිනායක මහතා, චින්තක උදයශාන්ත මහතා පත්කර තිබේ.

පරමාණුක බලශක්ති නියාමන කොමිසම සභාපති සමින්ද ජයසේකර මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන මහතා, වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා, තාරක වික්‍රමතුංග මහතා පත් කර තිබේ.

ලංකා විදුලි පුද්ගලික සමාගම සභාපති එස්. තිස්ස නානායක්කාර මහතා පත් කර ඇති අතර, උප සභාපති නිව්රාන් ජෝශෆ් වීරකෝන් මහතා පත් කර ඇත.

ලංකා ගල් අගුරු පුද්ගලික සමාගමේ සභාපති උදිත කලන දේවසුරේන්ද්‍ර මහතා පත්කර තිබෙන අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස සුරේෂ් එදිරිසිංහ මහතා පත් කර තිබේ.

ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ සභාපති සුදත් ජයසුන්දර මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ප්‍රසන්න බණ්ඩාර මහතා පත් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();