Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක සාමය‍ට කැපවන රණවිරුවන් රටට ගෞරවයක්

‘ලෝක සාමය සඳහා කැප වන ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් රටට විශාල ගෞරවයක් ගෙන දෙන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් හමුදා නිලධාරීන් තෝරා ගැනීමේ පරිපාටිය කඩිනම් කිරීම වැදගත් බවත් කතානායකවරයා සඳහන් කළේය.

සාම සාධක මෙහෙයුම් සඳහා මෙරටින් හමුදා සාමාජිකයන් පිටත්කර හැරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද නොපමාව ඊට අවශ්‍ය පහසුකම් සැලසීම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද කතානායකවරයා සඳහන් කළේය.

කතානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙහි දී සාම සාධක මෙහෙයුම වෙනුවෙන් පසුගිය දා මාලි රාජ්‍යයේ දී දිවි පිදූ කපිතාන් එච්. ඩබ්. ඩී. ජයවික්‍රම, කෝප්‍රල් එස්. එච්. විජය කුමාර යන නිලධාරීන් වෙනුවෙන් ශෝකය පළ කෙරිණ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා සමාජිකයන් සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල යෙදවීමේ දී ප්‍රායෝගිකව ඇති වන ප්‍රමාදවීම් සහ අනෙකුත් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පෙරවරුවේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ඇනා සිංගර් මහත්මිය, මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනී, ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය සහ එම කොමිසන් සභාවේ සමාජිකයන්, ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, යුද හමුදාපතිවරයා සහ යුද හමුදාවේ එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් අංශ භාර ප්‍රධාන නිලධාරීහු ද එක් වූහ.

මෙහි දී සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දක්වන විශිෂ්ට දායකත්වය අගය කළ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය විශේෂයෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව මෙහිලා මැදහත්ව ක්‍රියා කිරීම ප්‍රශංසාවට ලක් කළාය.

ඇය සඳහන් කළේ ‘සාම සාධක මෙහෙයුම් සඳහා සිය රටවල හමුදාවන් යෙදවීමේ ක්‍රියාවලියේ දී ලොව අන් කිසිදු රටක මානව හිමිකම් ආයතනයකට වඩා වැඩි සහායක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවෙන් ලැබෙන බවයි.’

මාලි රාජ්‍යයේ දී දිවි පිදූ නිලධාරීන් වෙනුවෙන් එම පවුල්වලට වන්දි පිරිනැමීමට කටයුතු කරන බව ද සඳහන් කළ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ඇනා සිංගර් මහත්මිය එම නිලධාරීන්ගේ අවමගුල් උත්සව සඳහා තමා පෞද්ලිකවම සහභාගීවීමට අපේක්ෂා කරන බව ද පැවැසුවාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();