Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගොවිපොළක සිටි දළඹුවා සහ ශාඛ කොටස් පරීක්ෂා කරන්න නිලධාරීන් පිරිසක් මාරවිලට

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ

මාරවිල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක සිටි දළඹුවා හා එහි ඇති හඳුනා නොගත් ඇට වර්ග හා ශාඛ කොටස් පරික්ෂා කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ නිලධාරීන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් පිරිසක් ඊයේ ( 30 ) දහවල් මාරවිලට පැමිණ ඇත.

රටින් ගෙනා බඩ ඉරිගු තොගයක හඳුනා නොගත් ඇට වර්ග කීපයක්, සුදු පැහැති කුඩු වර්ගයක් හා ශාඛ කොටස් කීපයක් ඇති බව මුල්වරට අනාවරණය වුණේ මේ මස විසි හතර වැනි දිනයි. එදින සිට ඊයේ (30) දක්වා බලධාරීන්ගේ ඇස් මේ දෙසට යොමු නොවිණි.

සුනන්ද මහතා මිට දින කීපයකට පෙර මේ ඇට වර්ග හතරක් පැළ කළ අතර ඉන් ඇට දෙකක් පැළ වී තිබිණි.

අනෙක් ඇට දෙක සිටවූ උර ඉරා පස් පරික්ෂා කිරීමේදී දළඹුවකු හමු වන ලදී. මේ දළඹුවා සේනා විය හැකි බවට මතයක් ප්‍රදේශයේ පැතිර ගිය අතර ඊයේ පැමිණි නිලධාරීන් ප්‍රකාශ කළේ මේ දළඹුවා සේනා නොවන බවයි.

එහෙත් මේ දළඹුවා රැගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද මේ නිලධාරීන් සුනන්ද මහතාට ප්‍රකාශ කර ඇත.

මෙලෙස පිටරටින් ගෙන්වන ලද බඩ ඉරිගු ඇටවල වෙනත් ඇටවර්ග හා වෙනත් අපද්‍රව්‍ය තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බඩ ඉරිගු නිසි පරික්ෂාවකට ලක් නොකිරීම හේතුවෙන් බව මේ වන විට සැක මතුවී ඇති බව ව්‍යාපාරිකයන්ගේ අදහසයි.

පසුගිය දින කීපය තුළ සුනන්ද අප්පුහාමි මහතාගේ සත්ත්ව ගොවිපොළේ කිකිළියන් විශාල ප්‍රමාණයක්ද අභිරහස් ලෙස මිය ගොස් ඇත. මේ බඩ ඉරිගු මිශ්‍ර අහාර ලබාදීම මේ තත්ත්වයට හේතුව විය හැකි බවද සුනන්ද මහතාගේ අදහසයි.

මේ බඩ ඉරිගු සමඟ පැමිණි ඇටවර්ග,ශාඛ කොටස් හා සුදු පැහැති කුඩ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සුනන්ද අප්පුහාමි මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි. එසේ නොවුනහොත් මේවා විදේශ රටකට යවා පරික්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();