Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බුදු පිළිම 9කට භානි සිදුකිරීමේ සිද්ධිය: සැකකරුවන් 11 දෙනා ලබන 13දා තෙක් රිමාන්ඩ්

මාවනැල්ල විශේෂ- සමන් විජය බණ්ඩාර සහ අරණායක ප්‍රදීප් කුමාර ධර්මරත්න

මාවනැල්ල නගරයට ආසන්න ප්‍රදේශ කිහිපයක බුදු පිළිම 9කට අලාභානි කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් ලබන මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර ඇත්තේ මාවනැල්ල, ගම්පොළ ගෙලිඔය, පොළොන්නරුව තඹාල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ක් හා 30ක් අතර වයස් සීමාවන්වල පසුවෙන පුද්ගලයන්ය. මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන මේ වන විට තොරතුරු වාර්තා වී ඇති ප්‍රධාන සැකකරුවන් වන අයියා සහ මල්ලි යන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බවද පොලිසිය කියයි. එම නිසා එම සැකකරුවන්ගේ පියා මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මාවනැල්ල නගරයට ආසන්න ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට වාර්තා වු අතර ඊට දින කිහිපයකට පසුව මාවනැල්ල වරකාපන ග්‍රාම සේවා වසමේ දිදුලවත්ත ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කර පළා යමින් සිටි මේ සැකකරුවන්ගෙන් එක් අයෙක් ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙක් විසින් අල්ලා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පොලිසියට භාර දුන්නේ දෙසැම්බර් 26 වැනි දිනදීය.

එහිදී එක් සැකකරුවෙක් පළා ගොස් ඇති අතර මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වි ඇති සැකකරුවන්ගෙන් ඔහු ද එක් අයෙකි. කෙසේ හෝ පොලිසිය විසින් අල්ලා ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි ඊට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සෘජුවම මේ කටයුත්ත සිදු කර බවටද කරුණු ආරක්ෂක අංශ හා බුද්ධි අංශ විසින් මෙන්ම අල්ලාගත් මුල්ම සැකකරුගේ මුවින් අනාවරණය කර ගෙන තිබුණි.

මේ සිද්ධිය මුස්ලිම් තරුණයන් සිදු කළ හෙයින් ඒ හරහා ජාතිවාදි ගැටලු ඇතිවේයැයි සිතා පොලිසිය ඇතුළු සියලු රාජ්‍ය අංශ මැදිහත් වී සියලුම ආගමික නායකයන් එක්වී මාවනැල්ල හෙම්මාතගම වැනි ප්‍රදේශවල සිංහල හා මුස්ලිම් ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමට සංහිඳියා වැඩසටහන් රැසක් මේ වන තුරුම ක්‍රියාත්මක කරමින් පවතී.

සැකකරුවන් මේ වන විට අධිකරණයට කිහිප වතාවක් ඉදිරිපත් කර අතර ප්‍රධාන සැකකරුවන් හා මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වෙමින් පැවතීම නිසා අත්අඩංගුවට පත් වු පුද්ගලයන් දින 14 ක් දක්වා එම සෑම අවස්ථාවකම රක්ෂිත බන්ධනාගාර ගත විය.

පසුගිය ජනවාරි 22 වැනි දින මාවනැල්ල බුදු පිළිම කැඩු ප්‍රධාන සහෝදර සැකකරුවන් දෙදෙනාගේ නිවාසවල තිබි වායු රයිෆල්, පිළිම විනාශ කිරීමට යොදා ගත් යකඩ මිටි හා පිහි යනාදිය මෙන්ම පරිගණක හා සිම් කාඩ්පත් කිහිපයක්ම සොයා ගෙන තිබුණි. ඊට පසුවත් ප්‍රධාන සැකකරුවන් සැඟව සිටින බවට පොලිසිය හා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදි තවත් අවි ආයුධ රැසක් සොයා ගත් අතර මේ සිද්ධින් හරහා දවසින් දවස මෙහි තොරතුරු සහ මේ ජාලයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ආරක්ෂක අංශවලට ලැබුණු බවද පොලිසිය පවසයි.

මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි 30 දා ඉදිරිපත් කළ සැකකරුවන් 11 දෙනා ඉදිරිපත් කර අවස්ථාවේ පොලිසිය විසින් වනාතවිල්ලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවි ආයුධ රැසක්ද අධිකරණය කරුණු වාර්තා කොට ඉදිරිපත් කර තිබුණි. සැකකරුවන් වෙනුවෙන් පිටස්තර ප්‍රදේශවලින් පැමිණි සිංහල හා මුස්ලිම් ජාතික නීතිඥයන් දෙදෙනෙක් පෙනී සිටි අතර මාවනැල්ල නීතිඥ මණ්ඩලයම සැකකරුවන්ට විරුද්ධව පෙනී සිටින අතර සිද්ධිය වු මුල් අවස්ථාවේ සිටම මාවනැල්ල නීතිඥ මණ්ඩලය එම තීරණයේ සිට කටයුතු කිරීමද තවත් විශේෂත්වයකි.

එමෙන්ම මේ සියලු දෙනා අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් යැයිදැයි මේ වන විට ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරන අතර මේ කණ්ඩායම හරහා තවත් සංවිධානාත්මක පිරිසක් මේ වටා සිටිනවාදැයිද පරික්ෂණ ක්‍රියාත්මකව පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල අපරාධ විමර්ශන අංශය හා බුද්ධි අංශ කෑගල්ල මූලස්ථාන පොලිසිය මාවනැල්ල පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();