Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත් ඉතා දක්ෂ අවංක කාර්යශූර ඇමැතිවරයෙක්

නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජයේ සිටින ඉතාමත් දක්ෂ අවංක කාර්යශූර ගුණයහපත් ඇමැතිවරයෙක් විදියට තමා විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. සංස්කෘතිය විෂය ලැබිය යුතුම අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා බව පැවසූ ජනාධිපතිවරයා එවැනි කාර්යශූර නිහතමානි කෙනෙක්ගේ නායකත්වය යටතේ මේ අමාත්‍යාංශවල වැඩ කටයුතු සිදු කෙරෙන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ නෙළුම්පොකුණ රඟ හලේදී පෙරේදා (29)පැවැති මහා කලාකරුවන් අගයන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය. අසනීප තත්ත්වය නිසා සජිත් ප්‍රේමදාස මහතා අද මෙහි නොසිටියත් ඔහු ඉක්මනින් සුව වේවා කියා නිරෝගී වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. හේමා ප්‍රේමදාස මැතිණියනි, මා පසුගිය දවස්වලත් සජිත්ට කිහිපවරක්ම කිව්වා පැය 24 ම දුවන්න එපා කියලා. කැබිනට් රැස්වීම්වලට එන්නෙත් නැහැ බැලුවහම කොළඹ නැහැ. කතා කළ විට මුණ ගැහුණු විට කියනවා මම රෑ එකයි දෙකයි අරහෙන් එනකොට මෙහෙන් එනකොට කියලා. මම එතුමාට බොහෝ වෙලාවට කියනවා රෑ 10න් පස්සේ ගමන් බිමන් යන්න එපා ඒක මගේ නම් ප්‍රතිපත්තිය කියලා. මම හිතනවා එතුමා අසනීප වුණේ වැඩියෙන් වැඩ කරලා වැඩියෙන් එහෙ මෙහෙ දුවලා නිසා කියලා. වගේම එතුමාට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එතුමා නැති එක මහ අඩුවක් විදියට මෙතනට දැනෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();