Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැව නිෂ්පාදනයට, වන වගා කිරීමට කැබිනට් අනුමැතිය

දැව නිෂ්පාදනය සඳහා ,වන වගා කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ.
 
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
 
නව වන වගා ස්ථාපිත කිරීම සඳහා වව්නියාව, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර 500ක ඉඩම් හඳුනා ගෙන ඇත.
 
ශ්‍රි ලංකාවේ දැව අවශ්‍යතාව වාර්ෂිකව ඉහළ යන බැවින් ඊට සමගාමීව දැව සඳහා දැනට වගා කර ඇති වන වගාවල ඵලදායිතාව ඉහළ නැංවීම හා නව වන වගා ස්ථාපිත කිරීම සිදු කළ යුතු බවට යෝජනා වී තිබේ.
 
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් දැව ඉල්ලුම සපුරාලීමට අමතරව, ප්‍රාදේශීය වශයෙන් රැකියා උත්පාදනය  කිරීම හා වනාවරණය ඉහළ නැංවීම තුළින් ගෝලීය උණුසුම පාලනය කිරීමට දායකත්වය ලබා දීමට ද මෙමගින් අපේක්ෂා කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();