Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෑනු ළම­යෙක් තියා පිරිමි ළම­යෙ­ක්වත් හැන්දෑවේ හයෙන් පස්සේ ගෙදර එන­වට මම කැමති නෑ

26 ජනවාරි, 2019

“අ‍නේ මංදා මොනවා කර­න්නද කියලා... කුස්සියේ දොර ඇරලා හිමීට ගෙට ගන්න­වද මේ ළම­යව... ඒත් ඉතිං අයි­යට සද්දෙ ඇහු­ණොත් හොඳ­ටම බනී.

අයි­යම කොයි වෙලා­වක හරි දොර ඇරලා කෙල්ලව ගෙට ගන්නකං බලං ඉන්න­වද... අනේ මොන හිතකිං ඉන්න­වද මං ගෙට වෙලා අමා එළියෙ සීතලේ කළු­වරේ ඉද්දි...

 

ගෑනු ළම­යෙක් නේද...”

උඳු­වප් මාසය ඇර­ඹුණා පමණි. රෑ අහසේ මේසා තරු දිදු­ලන බවක් කොහෙත්ම නොසිතූ ඇය පළ­මුව පුදු­ම­යට පත් වූවාය. අයා ගත් දෑසින් උඩ බලා ඉන්නා කෙල්ල ගෙමි­දුලේ අඬ අඳුරේ සලිත වන අව­තා­ර­යක් වගේය. තරු එළිය නොව රැය මුළුල්ලේ දොරට ඉහ­ළින් දැල්වෙන විදුලි බුබුළේ මලා­නික එළි­යෙන් ගන අඳුර සිහින් තීරු­ව­ලට ඉරා දැමෙයි. එහෙත් ඒ එළි­යම එළියේ දුබල බවත් අඳුරේ ප්‍රබල බවත් මනාව ඉස්මතු කරයි.

“දෙයි­යනේ... තරු ගොඩයි... මෙච්චර තරු තියෙ­න­වද අහසේ...?”

දහ­අට අවු­රු­ද්දක යුව­ති­යක ප්‍රමු­දි­ත­ වූයේ කුඩා දැරි­යක පරි­ද්දෙනි. අහ­සට පොළො­වට ඇලුම් කරන එකි­යක වන ඇය ඒ අන්ධ­කාර අහසේ විසි­රුණු මිණි­කැ­ටසේ දිදු­ලන අප­මණ තාරකා දකි­මින් විස්ම­යද සොම්න­සද එක­වර අත් වින්දාය.

“අනේ... කොච්චර ලස්ස­නද”

ඇය නැවත නැව­තත් රෑ අහසේ චම­ත්කා­රය වර්ණනා කළාය.

“ලස්සන පෙනෙයි. අන්න අයි­යට හොඳ­ටම තරහ ගිහිල්ල ඉන්නෙ.”

සුනන්දා හඬ නොනැ‍ඟෙන තර­මට පරෙස්සම් සහ­ග­ත වූ නිසා නොව සොබා සෞන්ද­ර්යෙන් මුස­ප­ත්වීම නිසා තාව­කා­ලි­කව බිහිරි වූ යුව­තිය තැති නොග­ත්තාය. කොහො­ම­ටත් මෙප­රි­ද්දෙන් ගෙදර එන්නට ප්‍රමාද වූ රැයක සිරි­මා­න්නට රහ­සින් අමාලි වෙත එන්නට සුනන්දා වග­බලා ගනියි. ඉල­න්දා­රි­යෙකු මෙන් හැසි­රෙන දිය­ණිය කෙරෙහි නොකිපී ඉන්නට සිරි­මාන්න තැත් නොක­ර­නවා නොවේ. එහෙත් දින කීප­ය­කට වරක් ඇය ඔහුගේ ඉව­සීම උර ගා බල­න්නීය. සහෝ­ද­ර­යාත් ඥාති දිය­ණි­යත් අතර කල­හ­යට මැදි­වන සුනන්දා විඳින්නේ මහත් වූ පීඩා­වකි.

“අමා...”

තව­මත් උඩ බලා­ගෙන ඉන්නා යුව­තිය වෙත ඇය ළං වූයේ නොඉ­ව­සි­ල්ලෙනි.

“බලන්න පොඩි නැන්දෙ බලන්න අහසෙ ලස්සන... තරු ගොඩයි... කව­දා­වත් ගණන් කරලා ඉවර කරන්න බැරි තර­මට තරු...”

සුන­න්දාගේ ඇ‍‍ඟේ එල්ලෙ­මින් අමාලි කියා­ගෙන යන්නේ දැරි­යක මෙනි.

“තරු ගනින්න නෙමේ. තරු විසි­වෙන්න පාර වදී අයි­යා­ගෙන්... මං දන්නෙ නෑ ඔන්න...”

ඒ අන­තුරු ඇඟ­වී­මෙන් අමාලි බිය­පත් නොවූ­වාය. ඇය ඔය කතාව බොහෝ වාර­යක් අසා තිබේ.

“ඉතිං මං ගියේ නාට්‍ය­යක් බල­න්නනේ...”

“මොන නාට්‍යද ළමයෝ..? අනිත් එක මෙච්චර රෑ වෙනකං ඉන්න­වද ගෑනු ළම­යෙක් ගෙදර එන්න..?”

සුන­න්දාගේ ස්වර­යෙහි නොම­නා­පය තැවරී තිබිණ.

“නාට්‍ය­යක් චිත්‍ර­ප­ට­යක් බලන්නෙ නැති සින්දු­වක් අහන්නෙ නැති පොතක් කිය­වන්නෙ නැති මනු­ස්ස­යෙක්ගෙං ඇති වැඩේ මොකක්ද පොඩි නැන්දෙ..?”

“උත්තර නම් තියෙ­නවා ඕන දේකට... යං යං... දැංවත් යං ගෙට..”‍

සංජුලා අත්බෑ­ගය පද්ද­මින් දඟ­කාර බැල්මක් හෙළු­වාය.

“ලොකු බොස් මට අව­සර ‍ෙදයිද ගෙට ඇතුළු වෙන්න?”

“කාටද අමා ඔයා ඔය කතා කරන්නෙ?”

නිවෙ­සට ඇතුළු වීමට පෙර සුනන්දා යුව­තිය දෙස රවා බල­න්නට අම­තක නොක­ළාය.

“මම කතා කරන්නෙ මිස්ට සිරි­මාන්න ගැන පොඩි නැන්දෙ..”

දොර­ක­ඩට පැමිණි මිනිසා සිය දිය­ණිය නුදු­ටු­වාක් මෙන් සොහො­යු­රි­යට කතා කළේය. විදුලි පහනේ ආලෝ­කය ඔහු වෙත එක්තරා අන්ද­මක අද්භූත බවක් ගෙන එයි.

“ඇයි මේ දොර ඇරලා?”

ඒ තියුණු බැල්මද රළු පරළු හඬද සුනන්දා හඩ­වා­ලන තරම දුටු අමාලි මුවග නැඟී සාවඥ සිනාව සඟවා ගත්තාය.

“නෑ අයියෙ... මේ... මේ”

අත­කින් හිස කස­මින් හෙළූ බැගෑ­බර බැල්ම නොතැකූ සිරි­මාන්න ඇය ඇතුල් වූ කෙනෙහි ‍දොර වසා දැමු­වේය.

“තාත්තෙ... තාත්තෙ...” යි අමාලි මහ හඬින් කෑගැ­සු­වාය. සිය පියා ඒ සා නිර්දය වනු ඇතැයි ඇය නොසි­තු­වාය.

“අ.. අනේ අයියෙ.. අමා?”

සුන­න්දාගේ හැඬුම් හඬ ඇසිණ.

“ගෑනු ළම­යෙක් තියා පිරිමි ළම­යෙ­ක්වත් හැන්දෑවෙ හයෙන් පස්සෙ ගෙදර එන­වට මම කැමති නෑ නංගි.. මං ඒක සිය වතා­වක් කියලා ඇතිනේ”

“අ... අමා.. නාට්‍ය­යක් බලන්න ගිහිල්ල තියෙන්නෙ...”

නැන්ද­ණි­යගේ බිය­ගුළු හඬ යුව­ති­යගේ නොරි­ස්සු­මද කෝප­යද දෙගුණ තෙගුණ කර­වයි. ඇය ගෙය වටා පසු­ප­සට ගියේ තව­දු­ර­ටත් ඒ සංවා­දය අසා සිටි­න්නට ප්‍රිය නොකළ බැවිනි. අනෙක් අතට ආසන්න නග­ර­යක වේදිකා නාට්‍ය­යක් රඟ දැක්වෙන්නේ නම් එය කෙසේ හෝ නර­ඹ­න්නට යාමට පුරු­දුව සිටින අමා­ලිට රාත්‍රිය යනු බිය දන­වන යමක් නොවේ. කුස්සි‍යේ දොර ඇතු­ළ­තින් වසා දමන්නේ දොර පොල්ලක් හරස් අතට දැමී­මෙන්. ඇය අත්බෑ­ගය විවර කර පිට­තට ගත්තේ දත් බුරු­සු­වකි. යතුරු නොලන දොර යතු­ර­කින් නොව දත් බුරු­සු­ව­කින් විවර කර­ගන්නා හැටි ඇය දැන සිටි­යාය. ඒ අද ඊයේ පටන් නොවේ කාලා­න්ත­ර­ය­කට ඉහ­ත­දීය.

නිවෙසේ ඉදි­රි­පස හා පිටු­පස ‍රැය පහන් වන­තුරු විදුලි බුබුළු යුග­ල­යක් දල්වා තිබීම ද සිරි­මාන්න විසින් පනවා තිබෙන නීති­යකි. එහෙ­යින් පිළි­කන්නේ අඳුර පලවා හරි­න්නට දුබල වෑය­මක නිරත වන විදුලි ප‍හනේ ආලෝ­කය නිවෙ­සට රහ­සින් ඇතුළු වීමට යත්ත දරන යුව­ති­යට පිහිට වෙයි.

දොර පළු දෙක එක්ව වසා ඇතද එහි හිදැ­සක් තුළින් දත් බුරු­සුවේ මිට යවා දොර පොල්ල බිම හෙල­න්නට අමා­ලිට වැඩි වේලා­වක් ගත නොවීය. එහි හඬ රැයේ නිහ­ඬ­තා­වය විසින් ඕනෑ­වට වඩා තදින් උලුප්පා­ලන නමුදු තව­මත් වැසූ දොරට මෙපි­ටින් සිටින බවට සැක නැති අයිය න‍ඟෝ පිළි­බ­ඳව කර­දර නොවූ යුව­තිය ජය­ග්‍රාහී සිනා­වක් පෑවාය.

කණ­ස්ස­ල්ලෙම හේබා යමින් කාම­ර­යට පිවිසි සුනන්දා විදුලි පහන දල්ව­න්නට පමා වූවාය. කාම­ර­යෙන් නික්ම යෑමේදී විදුලි පහන නිවා දැමීම ද සිරි­මාන්න පන­වන ලද තවත් නීති­යකි.

“බිත්ති­ව­ලට ලයිට් ඕනෙ නෑනෙ. කාම­රේක කෙනෙක් ඉන්නව නම් විත­රයි ඒ කාමරේ ලයිට් එකක් පත්තු වෙන්න ඕන.” යි ඔහු නිතර කියයි. එහෙත් අර­පි­රි­මැස්ම මැන­වින් පුරුදු පුහුණු කළ එකි­යක වන සුන­න්දාට එවන් උප­දෙස් උව­මනා නැත. ඇය මුවින් නොබැණ හිස සල­නවා පමණි. සිය සොහො­යුරා පිළි­බ­ඳව ඇය සිත දයා­නු­ක­ම්පාව කවර කරු­ණක් නිසා වුව හීන නොවෙයි. දෙව­ස­රක් පුරා වද වේදනා විඳින බවද එහෙත් ඒ බවක් නොපෙන්වා සිටි­න්නට වැර දරන බවද ඇය සිතන්නේ මව­කගේ කලු­ණු­බර හදිනි.

නව යෞව­නි­යක මේ රැයේහි නි‍ෙවස තුළ විනා පිටත සිටිය යුතු නැති බව සිත­මින් ඇය විදුලි පහන දැල්වූ­වාය.

“අ‍නේ මංදා මොනවා කර­න්නද කියලා... කුස්සියේ දොර ඇරලා හිමීට ගෙට ගන්න­වද මේ ළම­යව... ඒත් ඉතිං අයි­යට සද්දෙ ඇහු­ණොත් හොඳ­ටම බනී. අයි­යම කොයි වෙලා­වක හරි දොර ඇරලා කෙල්ලව ගෙට ගන්නකං බලං ඉන්න­වද... අනේ මොන හිතකිං ඉන්න­වද මං ගෙට වෙලා අමා එළියෙ සීතලේ කළු­වරේ ඉද්දි... ගෑනු ළම­යෙක් නේද...”

සුනන්දා රිදුම් දෙන හිස අත­කින් අල්ලා ගත්තාය. නැව­තත් සොහො­යුරා වෙත යන්නට හා ආයා­චනා කර­න්නට හිත හදා ගත්තාය. කාම­ර­යෙන් පිටව යාමට පෙර අහ­ම්බෙන් මෙන් ඇගේ බැල්ම ඇඳ වෙත යොමු විය. එකෙ­ණෙහි විම­තිය ද කෝප­යද ඇය මුළු­ම­නින්ම වෙළා ගත්තේය.

“අමා...” යි ඇය හඬ­ගෑවේ සොහො­යුරා තවම නිදි­ව­ර්ජි­තව පසු­වන බව පවා අම­තක කර දම­මිනි.

“මං නිදි...”

කොට්ට­යක් තුරලු කර­ගෙන ඇ‍ඳේ වැතිර හුන් යුව­තිය නිදි­බර හඬින් කීවාය.

“කොහො­මද ගෙට ආවෙ? කොහො­මද දොර ඇර ගත්තෙ?”

“ගේකට දොරෙංම එන්න ඕන කියලා නීති­ය­කුත් දාලද ඔයාගෙ බොස්...? ඇයි පොඩි නැන්දෙ ජනේලෙං... වහලෙං එන්න බැරිද...? පව් සිද්ධ වෙන­වද...?”

සුනන්දා දොර වසා දමා විදුලි පහන පවා නිවා දැමු­වාය. සිරි­මාන්න පැමිණ මේ හිතු­ව­ක්කාර කෙල්ල නැවත එළි­යට ඇද දම­න්නට බැරි නැතැයි සැක­යෙනි.

“ඈ අමා... මොකක්ද මේකෙ තේරුම...?”

“දැං ඔය තේර­විලි තෝරන්න වෙලා­වක් නෑ පොඩි නැන්දෙ... හෙට බලමු.”

කෝප­යෙන් දැවෙන ගැහැ­නිය අඳුරේ වුව තමාගේ ඇඳ මත හිඳ ගත්තාය. එහෙත් එක තැනක නිශ්ච­ලව සිටි­න්නට බැරි තර­මට ඇය නොඉ­ව­සි­ලි­මත්ය.

“ම‍ං මේ අහස පොළොව ගැට­ලන්න කල්නා කර­නවා කොහො­මද ඔයාව ගෙට ගන්නෙ කියලා. ඔයා හොරෙංම ඇවිත් හොඳට නිදි.”

අමාලි හඬ නඟා සිනා­සු­ණාය.

“හිනා­වෙන ලස්සන... තාත්තට ඇහු­ණොත් ආයෙත් දායි එළි­යට.”

“මට අයි­යෙක් නැති එක කොච්චර හොඳද... අම්මෝ ඔහොම අයි­ය­ලට බය නං නංගි­ලාට අයි­යලා ඕනම නෑ...”

සුනන්දා නැඟී සිටියේ ඉව­සුම් නොදෙන කෝප­යෙනි.

සැණෙ­කින් ආලෝ­ක­වත් වූ කාම­රය ඉව­සිය නොහී යුව­තිය දෑස හකුළා ගත්තාය.

“අනේ මොකක්ද පොඩි නැන්දා... මට නිදි­ම­තයි.”

දිය­ණි­යගේ මැසි­විල්ල නොතැකූ නැන්ද­ණිය මදුරු දැල පසෙ­කට කළාය. අන­තු­රුව අමා­ලිගේ ඇඳ මත හිඳ ගත්තාය.

“අමා.... ඇත්ත­ටම ඔයා කොහො­මද ගෙට ආවෙ?”

“ඒක රහ­සක් පොඩි නැන්දා.”

‍‍කෝපයෙන් මේ ඇට්ටර කෙල්ල ජය­ගත නුහුණු බව ප්‍රමාද වී අව­බෝධ කර­ගත් ගැහැ­නිය සුසු­මක් හෙළු­වාය.

“අනේ මංදා... ඔයාට ඔයාගෙ තාත්තා ගැන දුක නැද්ද අමා....?”

අමාලි උඩු­කය කෙළින් කළාය. ඇය තව­මත් ගෙද­රින් පිට­වන විට හැඳ­ගෙන හුන් ඇඳු­මෙන් පසු­වන බව දුටු සුනන්දා නැව­තත් කෝප­යට පත් වූවාය.

“බලන්න ඉතිං... ඇඳුම් මාරු කර­ලත් නෑ. අඩු ගානෙ මූණ කට­වත් හෝද ගත්තෙ නැද්ද අමා?”

ලබන සතියට‍...



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();