මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණන දෙපාර්තුමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඉකුත්දා (24) යළි කැඳ වු අවස්ථාවේ දි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සජින් වාස් මහතාගේ විදේශ ගමන් තහනම ඉවත් කරමින් විදේශ ගතවීම සදහා අවසර ලබා දුන්නා ය.
වර්ෂ 2015 දී ජේවිපි සමාජික වසන්ත සමරසිංහ යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කරන ලද පැමිණිල්ලකින් පසු සජින් වාස් මහතා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරන ලදි.
ක්‍රිශාන් සිල්වා නම් ව්‍යාපාරිකයකු බිය වද්දවා මුදල් ලබා ගැනීමක් සම්බන්ධව ඉහත නම් සදහන් තැනැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කර තිබිණි.
අමෝදා ජයමහ
0 Comments