Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උසස් පෙළ සිසුන්ටත්-ගුරුවරුන්ටත් මේ වසරේ දී ටැබ් යන්ත්‍ර ලබා දෙනවා

“උසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී සිදු කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය.

මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ‍තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන” බවත් ඇමතිවරයා සඳහන් කළේ ය. කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පංති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ වෘත්තීය අධ්‍යාපනය ලැබූවන් සඳහා අනාගතයේ දී විශාල ඉල්ලුමක් ඇති වන බවයි.

විදේශ රටවල ද වෘත්තීය අධ්‍යාපනය ලැබූවන් සඳහා ඉහළ වැටුප් ලබාදෙන අතර එම ඉල්ලුම සපුරාලීමට මෙතෙක් හැකි වී නොමැති බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේ ය.

උසස් පෙළ දරු දැරියන් සඳහා මෙම වසරේ දී කෙසේ හෝ ටැබ් පරිගණක ලබා දෙන අතර එමගින් ගුරුවරු නැති අවස්ථාවල ද දරුවන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ විෂය ප්‍රවීණයන් මගින් ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ය. ටැබ් පරිගණක භාවිතා කරමින් විභාගයට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය පාඩම් මාලා සහ විෂය කරුණු සම්බන්ධව විධිමත් උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු සූදානම් කරන ලෙස විභාග කොමසාරිස්තුමන්ට තමන් උපදෙස් ලබාදුන් බවද අධ්‍යාපන අමාත්‍යතුමන් මෙහිදී පෙන්වා දුන්නේ ය. උසස් පෙළ සඳහා පෙළ පොත් ලබාදීමක් ආරම්භයේ සිට සිදු නොවූ නමුත් උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමෙන් පසුව පෙළ පොතක් සකසා ටැබ් පරිගණකයට ඇතුළත් කරන ලෙස ද විභාග කොමසාරිස්තුමාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට අමතරව “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු තවත් පාසල් ගොඩනැගිලි ද සිසු අයිතියට පත් කිරීම ඉකුත් දා (27) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ කුලියාපිටිය වීරඹුව කනිෂ්ඨ විද්‍යාලය, කනදුල්ල ධර්මරාජ විද්‍යාලය, ඉලුක්හේන ගුණානන්ද මහා විද්‍යාලය, කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලය, දීගල්ල රේවත මධ්‍ය මහා විද්‍යාලය සහ අරක්යාල මහ විද්‍යාලයෙ යි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();