Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල්වල මුදල් එක්රැස් කිරීමට අදාළව නිකුත් කළ චක‍්‍රලේඛය අහෝසියි

පාසල්වලදී මුදල් එක්රැස් කිරීම පිළිබද නිකුත් කර තිබූ චක‍්‍රලේඛය වහාම අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නියෝග කරයි.
 
එම චක‍්‍රලේඛය හිටපු ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ ජුනි මාසයේදීය. ඒ අමාත්‍යාංශයේ පාසල් වලට මුදල් එක්රැස් කිරීමේදී එම කටයුතු විධිමත් කිරීමේ අරමුණින්ය. 
 
එහෙත් එමගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව පවතින බව හෙළිව තිබේ. ඒ අනුව චක‍්‍රලේඛය අවලංගු කිරීමට අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි ජයමහ මහතාට උපදෙස්දී තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();