Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුනාමියෙන් පස්සෙ ලෝකෙටම මාව ඕන වුණා

26 ජනවාරි, 2019

* තාත්තා හිතුවෙ කව­දා­වත් මං ඉගෙන ගන්න එකක් නෑ කියලා
* පරි­පා­ලන සේවයේ ඉහ­ළම තන­තුරු දැරුවා
* පේරා­දෙ­ණිය සර­ස­වි­යට ගියෙ විභා­ගය ඉහ­ළින්ම සම­ත් වෙලා
* 119 හඳුන්වා දුන්නා. කපි­ල­වස්තු ධාතු වැඩ­ම­වන්න යෝජනා කළෙත් මම...

ඔහු මෙරට සිටින කීර්ති­මත් රාජ්‍ය සේවා නිල­ධා­රි­යෙකි. ගුරු­වෘ­ත්ති­යෙන් තම වෘත්තීය දිවිය අරඹා ආදා­යම් පරි­පා­ලන නිල­ධා­රී­ව­ර­යකු, සහ­කාර අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යකු, අධ්‍යක්ෂ ජෙන­රා­ල්ව­ර­යකු, අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යකු, සභා­ප­ති­ව­ර­යකු ලෙස අමා­ත්‍යාංශ හා ආය­තන ගණ­නා­වක ද තානා­ප­ති­ව­ර­යකු සේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවි­ධාන රැසක විවිධ තන­තුරු හා උප­දේ­ශකව­ර­යකු ලෙස ද එමතු නොව ජනා­ධි­පති උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙසද භාර­ධූර වග­කීම් රැසක අද­ටත් නියැළෙ­න්නෙකු ලෙස වත්මන් ජනා­ධි­පති උප­දේ­ශක තිලක් රණ­වි­රාජා මහතා හඳු­න්වා­දිය හැකිය. ඔහුගේ වග­කීම් සහ­ගත රාජ්‍ය­සේ­වය මෙන්ම නිහ­ත­මානී සරල දිවි­පැ­වැත්ම පිළි­බ­ඳව කිය­වීම සැමට ප්‍රයෝ­ජ­න­වත් වනු ඇත.

ඔබ උපන් ගම්පි­යස හා එහි ගෙවී ­ගිය ළමා විය මොන ව­ගේද?

පේරා­දෙ­ණියෙ ඉඳලා කිලෝ­මී­ටර් නව­යක් පමණ දුරින් පිහිටි ගම්බද ප්‍රදේ­ශ­යක තමයි මම උපන්නේ. ඒ මුරු­ද්දෙ­ණිය ගම්මා­නයේ. එය ‍ඓතිහා­සික වටි­නා­ක­ම­කින් යුතු ප්‍රදේ­ශ­යක්. වැලි­විට සර­ණං­කර සංඝ­රාජ හිමි උපන් ප්‍රදේ­ශ­යට අයත් ගම්මා­න­යක්. ළමා කාලය ගැන කතා කළොත් කුඩා කාලෙ හරිම දඟ­කාර දරු­වෙක් ලෙසයි මා සැල­කුණේ. අප්පච්චි නිතර කිව්දෙ­යක් තමයි. 'ඔයා ඉගෙන ගන්නෙ නැහැ. ඒකට කමක් නැහැ. ඔයාගෙ අධ්‍යා­ප­න­යට විය­දම් කරන සල්ලි­ව­ලින් මම ඉඩ­ක­ඩම් ටිකක් ඔයාට අරන් දාන්නම්' කියන එක. තාත්තා ගුරු­ව­ර­යෙක්ව සිටි නිසාත්, මම අධ්‍යා­ප­න­යට උන­න්දු­වක් නැති වීම ගැන දුකින් සිටි නිසාත් එහෙම කියන්න ඇති. විහි­ළු­වට තමයි එතුමා මේ දේවල් කියන්න ඇත්තේ. මොකද මම විත­රයි පිරිමි දරු­වෙ­කුට හිටියේ.

කොහොම නමුත් වයස අවු­රුදු 12ක් 13ක් විතර වන විට මේ දඟ­කාර කොලු ගැටයා සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් චරි­ත­යක් වෙනවා. ඒ කොහො­මද?

හොඳින් ඉගෙන ගන්න ඕන කියන උන්න­දුව මට ඇති වෙනවා. ඒකට හේතු වෙන්න ඇත්තේ මට උග­න්වපු ගුරු­වරු. ගණි­ත­යට දක්ෂ ගුරු­ව­ර­යෙක් අපේ පාස­ලට ආවා. ඔවුන් ගේ මඟ පෙන්වීම එයට බල­පාන්න ඇති‍. පසුව මම මගේම උත්සා­හ­යෙන් ඉංග්‍රීසි භාෂා­වෙන් උග­න්වන නුග­වෙල මධ්‍ය මහා විදු­හ­ලට ඇතු­ළත් වෙලා අධ්‍යා­පන කට­යුතු සිදු කළා. එස් එස් සී සම්මාන හත­රක් සහි­තව උසස් ලෙස සමත් වුණා. සම්මාන හත­රක් කියන්නෙ ලොකු ජය­ග්‍ර­හ­ණ­යක්. ඒ කාලෙ සම්මාන ඉතාම විර­ලයි.

උස­ස්පෙළ විභා­ග­යෙන් පසුව 1961 දි පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කලා පීඨ­යට ඇතු­ළත් වුණා. මගේ ජීවි­තයේ නැවුම් පෙර­ළි­යක් උද්ද්‍යෝ­ග­යක් ඇති වෙන්නේ විශ්ව­වි­ද්‍යාල ජීවි­තයේ දී යි. එදා විශ්ව­වි­ද්‍යා­ලයේ අද තිබෙන තත්ත්ව­යට වඩා හාත්ප­සින්ම වෙනස්ම පරි­ස­ර­යක් තමයි තිබුණේ. දේශන ශාලා­වල අධ්‍යා­ප­න­යට වඩා අපි යොමු වුණේ ඒ හා බද්ධ වු ප්‍රායෝ­ගික වැඩ කට­යු­තු­ව­ලට. ඒ කුස­ලතා ගොඩ­නඟා ගන්නට සුදුසු ඉතාම සොඳුරු පසු­බි­මක් පැවැ­තුණා. පේරා­දෙ­ණිය සර­ස­වියේ පැවැති සුන්දර පරි­ස­රය, නේවා­සි­කා­රයේ සිටි විවිධ ජාතීන්ට අයත් විද්‍යා­ර්ථ­යින් වගේම අද­ටත් ලංකා­වම පිළි­ගත් උසස් මට්ටමේ ආචාර්ය මණ්ඩ­ලය එයට ලොකු ආලෝ­ක­යක් වුණා. උප­කු­ල­පති නික­ලස් ආටි­ගල, මහා­චාර්ය එදි­රි­වීර සර­ච්චන්ද්‍ර, එච්. කේ. එස්. ගුණ­සේ­කර, කාල් ගුණ­සේ­කර වගේ ආචා­ර්ය­වරු පිරි­සක් අපට ඉගැ­නු­නවා.

විශ්වවිද්‍යාල ජීවි­තය ගෙවී ගියේ කොහො­මද?

ඒ කාලෙ පොත පත කිය­ව­න­වට වඩා මගේ හිත ඇදී ගියේ ක්‍රීඩා­වට. විශ්ව­වි­ද්‍යා­ලයේ ‘ප්‍රෙෂස් මීට්‘ එකේදි තරග වාර්තා තිය­න්නට මට හැකි වුණා. දුර දිවීමේ තර­ග­යෙන් මම වාර්තා­වක් තැබුවා. එතැන් පටන් එහි තිබුණු සිය­ලුම ක්‍රීඩා­ව­ලට මම තැන දුන්නා. ක්‍රීඩාවේ දක්ෂ­යි­නට වර්ණ ප්‍රධා­නය කර­නවා. මලල ක්‍රීඩා, පාපන්දු , රග­ර්ව­ලින් මට වර්ණ ප්‍රධා­නය කළා. අප සිටි ශාලාව නම් කර තිබූණේ මාක්ස් ප්‍රනා­න්දු‍ ­න­මින්. මාකස් ප්‍රනාන්දු ශාලාවේ ක්‍රීඩා නාය­කයා වුනෙත් මම. මොන තරම් ක්‍රීඩා­ව­ලට දක්ෂ­යෙක්ද කිව්වොත් කාල් ගුණ­සේ­කර ආචා­ර්ය­ව­රයා මට ලිපි­යක් ප්‍රධා­නය කරන්නේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ පුතා ලෙස හඳු­න්ව­මි­නුයි. ක්‍රීඩා­වට එත­රම්ම දක්ෂ­තා­ව­ක් මට තිබුණා.

ඔබේ මුල්ම රැකි­යාව?

ගුරු­ව­ර­යෙක් ලෙස හරං­ක­හව මහා විද්‍යා­ල­යට එකතු වී උප විදු­හ­ල්පති ලෙස කට­යුතු කළා. ඉන්ප­සුව හතර ලියද්ද මහා විද්‍යා­ල­යට අනු­යුක්ත වෙනවා. මේ අතර ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට පුහු­ණුව සඳහා උපා­ධි­ධාරී ගුරු­ව­රුන් විසි දෙනෙක් බඳ­වා­ගත්තා. මමත් පුහු­ණුව ලබන අතර පරි­පා­ලන සේවා විභා­ගය සමත් වෙලා 1967 දි රාජ්‍ය පරි­පා­ලන සේව­යට එකතු වුණා.

එතැ­නින් පසු?

සහ­කාර ඉඩම් කොම­සා­රිස්, ආදා­යම් පාලක නිල­ධාරී වගේ විවිධ තන­තුරු ඉල්ලන්ට පුළු­වන්. මම විභා­ගය සම­ත්වෙලා අප්පච්චි මුණ­ගැ­හෙන්න ගියා. අප්පච්චි කිව්වේ අපේ පර­ම්ප­රා­වෙත් රටේ මහ­ත්ත­යලා ඉඳල තියෙ­නවා. එ් නිසා රටේ මහ­ත්තයා තන­තුර (ඒ කියන්නේ ආදා­යම් පාලක නිල­ධාරී ට සමාන තන­තු­රක්.) භාර­ගන්න කිය­ලයි. අප්පච්චි සන්තෝස කිරී­මට ඒ තන­තු­රට ගියා. ඒ අනුව බළන්­ගොඩ ආදා­යම් පාලක ලෙසත් ඉන්ප­සුව කොත්මලේ, බදුල්ල, මැද­කිඳ වැනි ප්‍රදේ­ශ­ව­ලත් කට­යුතු කළා. එදා සහ අද මේ ප්‍රදේශ අතර විශාල වෙන­සක් තිබෙ­නවා. එදා මේ එක් ප්‍රදේ­ශ­කට හිටියේ එක ඩී.ආර්.ඕ කෙනෙක් විත­රයි. ඉතාම විශාල ප්‍රදේශ තමයි තිබුණේ. අද වන විට මේවා කොටස් කිහි­ප­ය­කට බෙදිලා ප්‍රාදේ­ශීය ලේක­ම්වරු කිහිප දෙනෙක් ඉන්නවා.

ඩී.ආර්.ඕ තන­තුර දරද්දී ඔබ ලද අත්දැ­කීම් මොන­වාද?

ඒ කාලෙදි තමයි ගම්බද මිනි­සුන්ගේ සිතුම් පැතුම් හොඳින්ම තේරුම් ගන්නට මට පුළු­වන් වුණේ. අපේ රටේ ගැමි­යන් වගේම රට ගැනත් බොහො­ම­යක් අත්දැ­කීම් ලබන්න හොඳම තන­තුර ඩී.ආර්.ඕ කිය­ලයි මම හිතන්නේ. පරි­ස­රය, විවිධ ජාතීන්ට අයත් ගැමි­යන් සිටින එකි­නෙ­කට වෙනස් දුෂ්කර දිස්ත්‍රික්ක තුනක අව­රුදු 5ක් පුරා සේවය කිරී­මෙන් විශාල අත්දැ­කීම් සමු­දා­යක් මට ලැබුණා. හිටපු හැම තැනම ගැමි­යන් වෙනු­වෙන් විශේෂ වැඩ දියත් කළා. කොත්මලේ ඉන්න කාලෙ කොත්මලේ ජලා­ශය හදලා තිබුණෙ නැහැ. සැල­සු­මක් විත­රයි තිබුණේ. එහි මාර්ග තිබුණේ වතු­ව­ලට යන්න විත­රයි. ගම්ව­ලට යන්න මාර්ග පද්ධ­ති­යක් තිබුණෙ නැහැ. ජාතික තරුණ සේවා සභාවේ සහා­යෙන් මගේ ප්‍රධා­න­ත්ව­යෙන් අලුත් ප්‍රධාන පාර­වල් පහක් පමණ හැදුවා. කොත්මලේ ජලා­ශය හදද්දී තිබුණු පරණ පාර­වල් සිය­ල්ලම වගේ ජල­යට යට වුණා. එදා මම සැලැ­සුම් කළ පාර­වල් අද එහි ප්‍රධාන පාර­වල් බවට පත්ව තියෙ­නවා. එදා විම­ල­රත්න කුමා­ර­ගම කවියා කවි ලිව්වේ මේ ප්‍රදේ­ශයේ ගැමි­යන් ගැනයි. ඔහුත් මේ ප්‍රදේ­ශයේ පාලන කට­යුතු කළා. ඔහු දුටු දේම මටත් දකි­න්නට ලැබුණා.

පසු කාලෙක ඇමැ­ති­තු­මාගේ අති­රේක ලේක­ම්තුමා කතා කර­නවා ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභා­වට. ඒ 1972 දි යි. එතැන් පටන් මගේ ජීවිතේ තවත් වෙනස් වෙනවා. එහිදී ලැබුණු ශිෂ්‍ය­ත්ව­ය­කට ජපා­නයේ ඔසාකා විශ්ව­වි­ද්‍යා­ලයේ වසර දෙකක් ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය, ආර්ථික විද්‍යා කළ­ම­නා­ක­ර­ණය ගැන දක්ෂ මහා­චා­ර්ය­ව­ර­යෙක් යටතේ අධ්‍ය­ය­නය කළා. ජපා­න­යේදී සමා­ජය ගැන බොහෝ දේ මට ඉගෙන ගන්නට ලැබෙ­නවා. ඒ ආද­ර්ශය රාජ්‍ය සේවයේ දී වගේම පුද්ග­ලික ජීවි­ත­යේ­දිත් මට බල­පෑවා. රාජ්‍ය සේවය ගැන ආක­ල්ප­මය වශ­යෙන් මගේ විශාල වෙන­සක් ඇති­වෙ­නවා. ජප­නුන් මොන තරම් කැප­වී­ම­කින්, ජාති­මා­ම­ක­ත්ව­යෙන්, වින­ය­ග­රු­කව ජ්‍යෙෂ්ඨ­යන්ට යට­හත්ව කීක­රුව වැඩ­ක­ර­නවා ද කියන එක මම අත්දැක්කා. අද­ටත් මම උදේ පාන්දර අවදි වුණාම දවසේ වැඩ­ක­ට­යුතු මොන­වද කරන්නෙ මොන­වද කියලා සට­හන් කර­ග­න්නවා. හව­සට මා සට­හන් කර­ගත් වැඩ­ක­ට­යුතු ඉවර කළා ද අත­පසු වුණේ මොන­වද යන්න සොයනවා.

ඔබ සංස්කෘ­තික අමා­ත්‍යාං­ශ­යට එක් වෙනවා?

ජ්‍යෙෂ්ඨ ඇමැ­ති­ව­ර­යකු වූ ඊ.එල්.බී හුරුල්ලේ ‍මහතා අමාත්‍ය­ධු­රය දැරූ සංස්කෘ­තික අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේකම් ලෙස මා කැබි­නට් අනු­මැ­තිය ඇතිව පත්වෙ­නවා. ඒ වන විට අග­මැ­තිව සිටියේ ජේ. ආර් ජය­ව­ර්ධන. දිනක් හුරුල්ලේ ඇමැ­ති­තුමා අග­මැ­ති­තුමා හමු­වී­මට ගියේ මාත් සම­ගයි. හුරුල්ලේ ඇමැති හරිම ප්‍රතා­ප­වත්. ඔහුට ජේ.ආර්. මහ­ත්තයා කතා කරන්නේ එඩ්වින් කියලා. 'එතුමා කිය­නවා' එඩ්වින්, අපි මිනි­ස්සුන්ට ඡන්ද පොරොන්දු දුන්නට අවු­රුදු 3ක් 4ක් යන­කම් ඒවා ඉෂ්ට කරන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මිනි­ස්සුන්ව සන්තෝ­ස­යෙන් තියන්න ඕන සංව­ර්ධන වැඩ පටන් ගන්න­කල්. ඒ අයට සංස්කෘ­තික දෙපා­ර්ත­මේ­න්තු­වෙන් මොනවා හරි කරන්න ඕන.' කියලා. එයට ඉන්දි­යා­වෙන් සර්කස් කණ්ඩා­ය­මක් ගෙන්වන්න ඕන කිව්වා. ඒ වගේම බෞද්ධ ආග­මට සම්බන්ධ වැද­ගත් දෙයක් කර­න්නත් ඕන කියලා කිව්වා. ඒ පාර මම නික­මට කිව්වා දිල්ලි කෞතු­කා­ගා­ර‍යට ගිය විට මම දැක්කා බෞද්ධ සර්ව­ඥ­ධා­තූන් වහ­න­සේලා පැත්ත­කට කරලා තිබෙ­නවා. ඒවා මෙර­ටට වඩ­ම්වලා ජන­තා­වට වැඳ­පු­දා­ගන්න සල­ස්වමු කියලා. එතුමා ඒ අව­ස්ථාවේ එයට කැමැති වුණේ නැහැ. මම ගියාට පසුව එයට කැමැති බව දන්න­වලා ඒ කාර්යය දියත් කරන්න කිව්වා. පළ­මු­ව­රට කපි­ල­වස්තු සර්ව­ඥ­ධා­තූන් වහ­න්සේලා ලංකා­වට ගෙන ඒමට අද­හස ඉදි­රි­පත් කළේ මම . ඒ ගැන අද­ටත් සිතේ විශාල භක්ති­යක් ඇති­වෙ­නවා. එහිදී සිදු වූ වැද­ගත්ම දේ තමයි යුද්ධය පටන් ගන්නට පෙර ලංකාවේ හැම ප්‍රදේ­ශ­ය­කින්ම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැම ජන කොට­සක්ම අතු­ළත් ව පැවැත් වූ අව­සන් ආග­මික, ජාතික සංස්කෘ­තික උත්ස­වය මෙය වීම. මාස හයක් පමණ ජන­තා­වට වන්දනා කරන්න මෙය රටේ හැම ප්‍රදේ­ශ­ය­ක­ටම වැඩම වූවා.

ඒ අතර ඉන්දි­යා­වෙන් ආ 'ඇපලෝ' සර්කස් කණ්ඩා­යම ලංකාව පුරා වස­රක් පමණ සර්කස් පෙනුන්වා. මේ විදි­හට සංස්කෘ­තික අමා­ත්‍යාං­ශය යටතේ රටට විශාල වැඩ කොට­සක් මම දියත් කළා.

ඉන්ප­සුව රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ අති­රේක අධ්‍යක්ෂ ජෙන­රාල් ලෙස කට­යුතු කළා. එහිදී මම රාජ්‍ය සේව­යට අදාළ උස­ස්වීම්, බඳවා ගැනීමේ පටි­පාටි ඇතු­ළත් ආය­තන සංග්‍ර­හය යාවත්කාලීන කරන්න කට­යුතු කළා. ඉන් පසුව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ ජන­රාල් ලෙස කට­යුතු කළා. මේ අව­ධියේ රාජ්‍ය සේවය ගැන පුළුල් අව­බෝ­ධ­යක් ලැබුවා. මම වාර්තා­වක් සකස් කළා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය අන්තර් ජාතික සබ­ඳතා අංශ­යට මෙන්ම ආර්ථික කට­යු­තු­ව­ලට වෙ‌ෙළඳ කට­යු­තු­ව­ලට යොමු කළ යුත්තේ ඇයි? කියලා. පසු කලෙක මේ වාර්තාව මම ඇමෙ­රි­කාවේ දී ශාස්ත්‍ර­පති උපා­ධිය හදා­රද්දී එහි නිබ­න්ධ­න­යට තේමා කර­ගත්තා. කොහොම නමුත් මේ කාලයේ රජයේ ප්‍රබුද්ධ නාය­ක­යන් වගේම අමා­ත්‍යාංශ ලේක­ම්වරු සමඟ මට වැඩ කට­යුතු කරන්න ලැබුණා.

ඔබ තානා­පති සේව­යට එක් වෙනවා?

එව­කට හිටි ඇමැ­ති­තුමා මට දැනුම් දුන්නා දකුණු කොරි­යාවේ තානා­පති කාර්යා­ලය පිහි­ටු­වන්න කියලා. මම එහි ගිහින් තානා­පති කාර්යා­ලය පිහි­ටු­වලා ඉල්ලී­මක් කළා අපේ දරු­ව­න්ටත් අධ්‍යා­පන කට­යුතු කරන්න එහි අව­ස්ථාව දෙන්න කියලා. ඉන් පසුව ඇමෙ­රි­කාවේ වොෂි­න්ට­න්වල තානා­පති කාර්යා­ල­යට මම යනවා. 'ඩිපි­යුටි හෙඩ් ඔෆ් මිෂන්' තන­තු­රට. ඉන්පසු 1989 දි නැවත ලංකා­වට ඇවිත් ආචාර්ය උපා­ධි­යට ඇමෙ­රි­කා­වට යනවා. ඩී. බී. විජේ­තුංග ජන­ප­ති­තුමා යටතේ නැවත මා වොෂි­න්ට­නයේ හිටපු පද­වි­යට පත් වෙනවා. පසු­ක­ලෙක ඒ තන­තුර අහෝසි වෙනවා. පසුව මම කෙන්යාව, ප්‍රංශය වැනි රට­ව­ලත් තානා­පති ලෙස සේව­යට එක් වුණා.

මහ­වැලි බල­ශක්ති අමා­ත්‍යාං­ශ­යත් ඔබේ දිවි­යට වැද­ගත් ?

1995 දි බල­යට පත් වු රජ­යෙන් මා මහ­වැලි බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­ර­යෙක් ලෙස පත්ක­ර­නවා.

මෛත්‍රී­පාල සිරි­සේන ජන­ප­ති­තුමා මහ­වැලි ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කරන සමයේ මම තමයි අමා­ත්‍යාංශ ලේකම් වුණේ. ඒ වන විට කාල­යක් තිස්සේ දියත් කරපු වැඩ සට­හන් නිසා මහ­වැ­ලියේ පහ­ළොස් දහ­ස­කට වැඩි සේවක පිරි­සක් සේවය කළා. මෙහිදී මහ­වැලි ව්‍යාපෘති නිම වෙන­වාත් එක්ක විශාල සේවක අති­රි­ක්ත­යක් ඇති වුණා. මේ නිසා කාර්ය මණ්ඩ­ලය 6000ට අඩු කර ප්‍රති­සං­වි­ධා­නය කරන්න ලෝක බැංකු අධාර යටතේ යෝජනා වුණා. ඒ වග­කීම පැවැ­රු­නෙත් මට. කිසිම උද්ඝෝ­ෂ­ණ­යක් නැතිව ගැටීම් නැතිව සේව­ක­යන්ගේ ශ්‍රම­යට වටි­නා­ක­මට සරි­ලන සාධා­රණ ගෙවී­මක් කරලා ඉතාම හිත හොඳින් ඔවු­නට කැමැත්තෙන් විශ්‍රාම ගන්න අවස්ථාව ලබාදුන්නා.

මේ පිළි­බ­ඳව හුඟක් සතුටු වුණ ලෝක බැංකුව මට ඒ පිළි­බඳ ඉදි­රි­පත් කිරී­මක් කර­න්නට ආරා­ධනා කළා.

ඒ අතර මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­ය­ටත් පත්වී­මක් ලැබුණා. එහිත් කිසිම අර්බු­ද­යක් ඇති­වෙන්න නොදී වැඩ­ක­ට­යුතු සිදු කළා. වෛද්‍ය­ව­රුන්ගේ, හෙදි­යන්ගේ, ‍පවුල් සෞඛ්‍ය සේවි­කා­වන්ගේ ප්‍රශ්න රැසක් විස­ඳුවා. සංව­ර්ධන කට­යුතු රැසක් දියත් කළා.

2002 වසරේ දී මම ජනා­ධි­පති උප­දේ­ශ­ක­ව­ර­යෙක් ලෙස කට­යුතු කළා. මේ වන විටත් මම ජනා­ධි­පති උප­දේ­ශ­ක­ව­ර­යෙක් ලෙස කට­යුතු කර­නවා. ඊට අම­ත­රව ජාතික ව්‍යවස්ථා සභාවේ ලේක­ම්ව­රයා ලෙසත් මම කට­යුතු කර­නවා. 2003 වසරේ මහ­ජන ආර­ක්ෂාව ආර්ථික, නීතිය හා සාමය පිළි­බඳ අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යෙක් ලෙසත් ජන­මාධ්‍ය හා තොර­තුරු අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා ලෙසත් මම කට­යුතු කළා. ඒ අව­ධියේ දී මගේ සංක­ල්ප­යක් අනුව තමයි අද­ටත් ආර­ක්ෂක දැනුම් දීම් සඳහා භාවිතා කරන 119 සහ118 දුර­ක­තන අංක ඔස්සේ අප­රාධ සම්බ­න්ධව පොලී­සිය හා ආර­ක්ෂක අංශ දැනු­ම්වත් කරන්න පුළු­වන් දුර­ක­තන අංක හඳුන්වා දුන්නේ.

පරි­සර අධි­කා­රියේ සභා­පති ලෙස ඔබ කටයුතු කළා.?

මේ කාලයේ තමයි සුනාමි ව්‍ය­ස­නය ඇති වුණේ. එහිදී සුනා­මි­යෙන් විප­තට පත් වූවන්ට විශාල වැඩ කොට­සක් දියත් කළා. එව­කට සිටි ජනා­ධි­ප­ති­තු­මිය විසින් මාව සුනාමි පිළි­බඳ විශේෂ ජනා­ධි­පති කොම­සා­රිස් ලෙස පත් කළා. දින­කට පැය 12කට අධික කාල­යක් මාස ගණ­නක් පුරා කිසිම වර­ප්‍ර­සා­ද­යක් නැතිව මා ඒ කට­යුතු දියත් කළා.

එතැන දී අව­තැන් වූ ජන­තා­වට නිවාස සකස් කර දීම විශාල අභි­යෝ­ග­යක් වුණා. තාව­කා­ලික නිවාස තිස් දහ­සක් සකස් කර දෙන්නට මට පුළු­වන් වුණා. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ උප­කාර ඉල්ලූ අව­ස්ථාවේ ඔවුන් මට කිව්වේ ඔබ නිවාස දහ­දා­හක් කිව්ව නම් හිස නමා ආචාර කර­නවා කිය­ලයි. නමුත් මම එය ගණ­න­කට නොගෙන හැම දෙනා­ගේම උප­කාර ඇතිව විප­තට පත් ජන­තා­වට තාව­කා­ලික නිවාස සකසා දුන්නා. සුනාමි ව්‍යස­නය අලළා මම ග්‍රන්ථ­යක් රචනා කළා. 'Sri Lanka Experience of Tsunami' කියලා. එයත් ළඟ­දීම එළි­ද­ක්ව­න්නට මම බලා­පො­රොත්තු වෙනවා.

මෙහි සාර්ථ­ක­ත්වය නිසාම ඇමෙ­රි­කාවේ ජල­ගැ­ලී­මක් ඇති වී එරට ජන­තාව විප­තට පත් වූ අව­ස්ථාවේ ඒ කට­යු­තු­ව­ලට සහාය වී ඒවා සාර්ථක කර­ගන්න උදව් කරන්න කියා මට ආරා­ධනා කළා. සුනා­මි­යෙන් මට ත්‍යාග­යක් ලැබුණා. ඒ් තමයි කෙන්යාවේ නයි­රෝ­බි­වල ඇති වුණු ජන­වා­ර්ගික අර්බු­ද­යෙන් විප­තට පත් වූවන්ට සහන සැලැ­සීම. එහිදී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ විශේෂ උප­දේ­ශ­ක­ව­ර­යෙක් ලෙස කට­යුතු කරන්න අව­ස්ථාව ලැබුණා. එම සංව­ර්ධන වැඩ­ස­ට­හනේ කෙන්යාවේ නිත්‍ය නේවා­සික සම්බ­න්ධී­ක­රණ උප­දේ­ශක ලෙස පත්වී­මක් ලැබුණා. එයට අම­ත­රව අපදා කළ­ම­නා­කාර උප­දේ­ශක ලෙසත් මා පත් කළා. ඒ කට­යු­තුත් සාර්ථ­කව සිදු කළා.

පනස් වස­ර­කට අාසන්න කාල­යක් පුරා­ ඔබ රටට කළ සේවය ගැන ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?

විශාල සතු­ටක් දැනෙ­නවා. මා මෙතෙක් සිතට එක­ඟව අවං­කව කට­යුතු කරලා තිය­නවා. ඒ ගැන හිතෙනවිටත් දැනෙන්නෙ සතු­ටක්.

ජායා­රූප - විපුල අම­ර­සිංහ



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();