එය වත්මන් රජයේ ජයග්‍රහණයක් බව අගමැති කියයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම පක්ෂ ඒකීය රාජ්‍ය පිළිගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එය වත්මන් රජයට සම්බන්ධ සියලු පක්ෂවල වල උත්සායේ ප්‍රතිළුලයක් ලෙස සැළකිය හැකි බවද අගමැතිවරයා කීය.
අගමැතිවරයා එම අදහස් ප්‍රකාශ කළේ ඊයේ(27) කලුතර පැවැති ජන හමුවකට සහභාගි වෙමිණි.
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් පසුගිය රජය ලබාගත් ණය ගෙවමින් රටේ සංවර්ධනයද සිදු කරමින් ප්රජාත්ත්රවාදයත් රැක ගනිමින් වත්මන් රජය ඒකීය ලංකාවක් කෙරෙහි සියලු දෙනාම එක් කරගෙන ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කෙළේය.
මෙවන් තත්ත්වයක් යටතේ ඇතැමුන් වත්මන් රජය රට බෙදීමට කටයුතු කරන බවට චෝදනා කරන බවද පැවසූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඒකීය රාජ්‍ය සංකල්පය සඳහා සියලු දෙනා එකතුකර ගැනීමට කිසිම ආණ්ඩුවකට කිරීමට නොහැකි වූ බවද කීය.
රටේ ගැටලු විසදමින් ඉදිරි අවුරුදු පහ තුළ රට වේගවත් සංවර්ධනයක් කරා යොමු කරන බවද සටන් පාඨ වළින් ඇතැම් ගැටලු විසදිය නොහැකි යයිද අගමැතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා-
එදා ජී.ජී පොන්නම්බලම් මැතිතුමාගේ ක්‍රියාකලාපයට එරෙහිව චෙල්වනායගම් මැතිතුමා පෙඩ්රල් රාජ්‍යයක් ඉල්ලන පෙඩ්රල් පක්ෂය ආරම්භ කළා. පසුගිය කාලයේ ඇතැමුන් පෙඩ්රල් වෙනුවට වෙනම රාජ්‍යයක් ද ඉල්ලුවා. ඔවුන් සමඟ කවුරු කතා කළත් ඒකීය රාජ්‍ය පිළිගත්තෙ නැහැ. රාජිව් ගාන්ධි මැතිතුමා ඒකීය රාජ්‍ය පිළිගනිද්දි ඇතැමුන් ඒකීය රාජ්‍ය පිළිගත්තෙ නැහැ.මෙම තත්ත්වය දේශපාලන විසදුමකට විශාල බාධාවක් වුණා.
දැන් අදාළ මන්ත්‍රීවරුන් කියනවා ඒකිය රාජ්‍ය පිළිගන්නා බව. මෙය හොදද නරකද. භෞමික අඛණ්ඩතාවය පිළිගන්නා බව කියනවා. එය අපට අවශ්‍යයි. අප කියන්නෙ පරමාධිපත්‍ය තිබෙන්නෙ රජයේ කියලා. මේ රටේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නෙ සංශෝධනය කරන්නෙ පාර්ලිමේන්තුවයි ජනමත විචාරණයයි. වෙන කවුරුවත් නොවේ. එම ව්‍යවස්ථාවෙන් පුලුවන් පළාත් සභාවලට, මහ නගර සභාවලට බලය ලබා දෙන්න.
වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීමට යයි සටන් කර මිය ගිය අයට සම්බන්ධ අය අද ඒකීය රාජ්‍ය පිළිගන්නවා. රටේ වත්මන් ගැටලු වලට මුහුණ දිය හැක්කේ වත්මන් ආණ්ඩුවට පමණයි. ව්‍යවස්ථාවක් සඳහා තුනෙන් දෙකක බලය අවශ්‍යයි.මල්වත්තෙ මහ නාහිමි කීවා සේ එවැනි තත්ත්වයක් තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්.
0 Comments