මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා අදීක්ෂණය යටතේ ඉදිවූ කළුතර පොදු වෙළද පොළ ඊයේ (27) පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත්විය .එම අවස්ථාව සඳහා ඇමති පාඨලී චම්පික රණවක, අජිත් පී. පෙරේරා,නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ඇතුළු පිරිසක් සහභාගී වූහ. කඩ කාමර 158කින් සමන්විත මෙම පොදු වෙළෙඳ පොළ ඉදි කිරීම සදහා රුපියල් මිලියන 186ක මුදලක් වැයකර තිබේ.
ඡායාරූපය - හිරන්ත ගුණතිලක
0 Comments