Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයේ මැදිහත්වීමෙන් වතු කම්කරුවන්ට ඉතිහාසගත වැඩිම වැටුප් වර්ධක

Author(s): 
අසේල කුරුළුවංශ

නුවරඑළිය දිසා මන්ත්‍රී තොන්ඩමන්

රජයේ මැදිහත් වීම මත වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකයක් ලබාදිමට හැකිවූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

වතු කම්කරු වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පෙරේදා (26) කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදීය.

වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රුපියල් 200.00 කින්ද පැමිණිමේ දිමනාව රුපියල් 50.00 කින් සහ අමතරව නෙළන තේ දලු කිලෝවක් සදහා රුපියල් 15.00 ක්ද වශයෙන් නව වැටුප් වැඩි කිරිම සිදුවන බවද ඒ මහතා කීය.

මේ අනුව වතුකම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700.00 දක්වා ඉහළ යන බවද හෙතෙම අවධාරණය කළේය.

වතු කම්කරුවන්ට ලබාදුන් නව වැටුප් වැඩි කිරීමට එහා ගොස් තවත් වැඩි මුදලක් ලබා දීමට කිසියම් පාර්ශවයක් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවද තොණ්ඩමන් මහතා පැවසුවේය.

වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වසර දෙකකට බල පැවැත්වෙන සේ ඉදිරි සතියේදි දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවත් එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසු මාස තුනක හිග වැටුප්ද වතු කම්කරුවන්ට ලැබෙනු ඇති බවත් ඒ මහතා කීය.

වතු කම්කරු වැටුප් වැඩි නොකිරීම සම්බන්ධයෙන් වතු සමාගම්වලට විරෝධය දක්වා තොණ්ඩමන් මන්ත්‍රිවරයා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් මාස තුනක් තිස්සේ කළු ඇදුම් පැළද දැක් වු විරෝධය (25) දින සිට අවසන් කර තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();