Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනාථ නිවාස දෙකක හැදී වැඩී යුග දිවියට පත් යුවළගේ උත්සවය ජයටම

අනාථ ළමා නිවාස දෙකක හැදී වැඩී විවාහ වූ එම යුවළකගේ විවාහ මංගල උත්සවයක් ජනවාරි 21 වැනිදා පොළොන්නරුව සේවාගම සංචාරක හෝටලයකදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සුසන්ත කුමාර අනුරාධපුර ඉපදි මව්පියන්ගේ අසරණ කම නිසා පොළොන්නරුව පැරකුම් II අනාථ ළමා නිවාසය තම නිවස විය.

තනුජා දිල්හානි කෑගල්ලේ ඉපිද මව්පියන්ගේ අසරණකම නිසා සේවාගම අරුනළු අනාථ ළමා නිවාසය, තම නිවහන කර ගත්තාය.

මේ නිවහන් දෙකක හැදී වැඩුණු සුසන්ත හා තනුජාගේ මංගල සීනුව සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව, කඳුරට ප්‍රජා සංවර්ධන ආයතනය, ඇසිවරුන්ගේ සංවිධානය, හැරවුම් ලක්ෂය දායකත්වය ලබා දෙන ලදී. සුසන්තගේ හා තනුජාගේවිවාහ මංගල උත්සවයේ සාක්ෂි අත්සන් කිරීම පොළොන්නරුව මහ නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා අතින් සිදු විය.

දිවා ආහාර ඇතුළු අනිකුත් පරිත්‍යාග ප්‍රදේශවාසීන් හා විවිධ සංවිධාන විසින් ලබාදෙන ලදී.

 පොළොන්නරුව දිසා සමූහ ඇම්.පී. සරත්

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();