Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරෙන් කේරළ ගංජා කිලෝ 2000 අසුවෙලා

Author(s): 
විජයානි එදිරිසිංහ

පසුගිය වසර එකහමාර තුළ උතුරු ප්‍රදේශයෙන් පමණක් කේරළ ගංජා කිලෝ 2000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සිට හොර මුහුදු මාර්ග ඔස්සේ කේරළ ගංජා මෙරටට ගෙන ඒමේ ජාවාරම බරපතළ ලෙස සිදුවන බැවින් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් මෙරටට ගංජා ගෙන ඒම සම්පූර්ණයෙන් මර්දනය කිරීමට අවශ්‍ය සියලු ආරක්ෂක විධි විධාන යොදා තිබේ. ඒ අනුව පසුගිය කාලය තුළ සිදුකරන ලද මෙම මෙහෙයුම්වලින් ගංජා කිලෝ 2000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඒවා ප්‍රවාහනය කළ බෝට්ටුද සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ දිනයේද කේරළ ගංජා කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ බෝට්ටුද අත්අඩංගුවට ගෙන තිබුණි.

උතුරු පළාත තුළින් මෙතරම් විශාල කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා කළ කැපවීම අද පොලිස් මත්ද්‍රව්‍ය සම්මාන උ‍ෙළලේදී ඇගයීමටද ලක්වීමට නියමිතය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();