Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකා හමුදා කඳවුරක් මෙරට ඉදිකරන කිසි ගිවිසුමක් නෑ

බලය අහිමි අයගේ බොරු ප්‍රචාර බව අගමැති කියයි

බලය ලබාගැනීමට නොහැකි වූ විවිධ පාර්ශ්ව බොරු ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බවත් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ඉදිකිරීමට නියමිත බවට ගෙනයන කතාව ද එවැනි අසත්‍යයක් බවත් අගමැති රනිල් වික්‍රසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (25) ප්‍රකාශ කළේය.

බලය පැහැර ගැනීමට තැත් කළ මේ කොටස්වලට දැන් කරන්නට කිසිවක් ඉතිරිව නොමැති බැවින් ඔවුන් මෙබඳු බොරු පතුරුවා හරින බවත් අගමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අමෙරිකන් හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ පිහිටවීම සඳහා ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ගිවිසුමක් ඇති බවට මේ පිරිස් එල්ල කරන චෝදනාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් අගමැතිවරයා වැඩිදුරටත් කීය. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ දී අමෙරිකන් හමුදා කඳවුරක් ඉදිකරන්නට යන්නේ යැයි කියමින් ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා මතුකළ ප්‍රශ්නකට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු ලබාදෙන අතරතුර අගමැතිවරයා මේ බව සඳහන් කළේය‍.

ඩග්ලස් දේවානන්දා මහතා මතුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ කිසිඳු ප්‍රදේශයක් අමෙරිකානු හමුදා කඳවුරක් මෙරට ඉදිකිරීමට සැළසුම් කර නොමැති බවයි.

ස්වර්ණා විජේතෝක්, රෝෂන් තුෂාර, සුබාෂිණි සේනානායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();