Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිල්ට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරියක් ඉවතට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් පෞද්ගලික හේතුවක් මත අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපානි විජේසුන්දර ඉවත් ව තිබේ.

කොළඹ නාගරික මන්ත්‍රි ශර්මිලා ගෝනවල විසින් වික්‍රමසිංහට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේය.

ඒ රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂස් පුද්ගලික සමාගම වික්‍රමසිංහ  ප්‍රධාන කොටස්කරුවෙකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බව පෙන්වා දෙමිනි.

එම පෙත්සම අද දීපානි විජේසුන්දර හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

කෙසේ වෙතත්, අද තීරණය කෙරුනේ, පෙත්සම දීපානි විජේසුන්දර නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට යළි සලකා බැලීමටයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();