Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කවිෂ්කගේ සුපිරි පන්දු යැවීමෙන් ත්‍රිත්ව විදුහලට ඉනිමක ජයක්

වෙස්ලි විදුහල් පිලේ ඉනිම් 2ම සිය පිටදඟ පන්දුවෙන් අසරණ කළ ත්‍රිත්ව විදුහලේ කවිෂ්ක සේනාධීර අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයෙන් ත්‍රිත්ව විදුහල් පිලට ඉනිමක සහ ලකුණු 18ක ජයක් ගෙනදීමට සමත්විය.

අස්ගිරිය පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ත්‍රිත්ව විදුහල් පිල කඩුලු 7කට ලකුණු 293ක් රැස් කරමින් ඉනිම අත්හිටවූ අතර ත්‍රිත්ව විදුහල් පිලේ ඉනිම වර්ණවත් කළ ශේන් ගුණතිලක, අභිෂේක් ආනන්දකුමාර් සහ පුබුදු බණ්ඩාර අර්ධ ශතක රැස් කළහ.

වෙස්ලි විදුහල් පිලේ පළමු ඉනිම ලකුණු 127කට සීමා වූ අතර දෙවැනි ඉනිමේදී ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කවිෂ්ක පළමු ඉනිමේදී ලකුණු 46කට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 87කට කඩුලු 5ක් දවාලමින් තරගයේ ජයග්‍රහණය සිය විදුහල් පිලට අත්කර දුන්නේය.

ත්‍රිත්ව පළමු ඉනිම - 293/7 (ඉනිම අත්හිටුවන ලදි) ශේන් ගුණතිලක 74, අභිෂේක් ආනන්දකුමාර් 67, පුබුදු බණ්ඩාර 60 ( මෝවින් සුබසිංහ 90/3)

වෙස්ලි පළමු ඉනිම - 127යි. ශෙනාල් දංගොල්ල 33, කවින්දන පෙරේරා 30 ( කවිෂ්ක සේනාධීර 46/5, නගිත විජේසුන්දර 34/3) සහ දෙවැනි ඉනිම - 148යි. කවින්දන පෙරේරා 66 ( කවිෂ්ක සේනාධීර 87/5, උවිඳු විමලධර්ම 40/3)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();