පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ මීගමුව සාන්ත පීතර විදුහල අතර පිළියන්දල දී පැවති අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත්විය.
පළමුව පන්දුවට මුහුණ දුන් පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 413 ක් රැස්කළ අතර පිළිතුර ඉනිම ක්‍රීඩා කළ සාන්ත පීතර විදුහලට ලබාගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි.
තරඟයේ විශේෂ සිද්ධිය වූයේ පළමු ඉනිමේදී පිළියන්දල මැදි විදුහලේ හේශාන් මධුසංඛ ලකුණු 134 ක් ද චමෝද් සඳරු ලකුණු 104 ක් ද රැස් කිරීමය.
සාන්ත පීතර විදුහල වෙනුවෙන් ලසිත් නිශ්ලංක ලකුණු 72 ක් වාර්තා කළේය. තරඟය නතර කරන විට පිළියන්දල විදුහල කඩුලු 2 කට ලකුණු 181 ක් වාර්තා කර තිබිණි. පිළියන්දල මැදි විදුහලේ චමෝද් සඳරු තම පාසල වෙනුවෙන් වාර්තාවක්ද තබමින් ඊට අමතරව මෙම පාසල් වාරයේදී එක් තරඟයකදී ශතක දෙකක් ලබාගත් එකම ක්‍රීඩකයා බවටද පත්වූයේ නොදැවී ලකුණු 114 ක් රැස් කරමිනි.
පිළියන්දල මැදි විදුහල - 413යි. මල්ශාන් ගුණතිලක 20, රුචිර අධිකාරි 21, සඳුන් සත්සර 21, සසංක ලක්ශාන් 56, දනිඳු හිරුමාල් නොදැවී 21, හේෂාන් මධුශංක 134, චමෝද් සඳරු 104 (නිශාන් ශකිල 2/27, සනිඳු මධුශංක 2/42, රුචිර අවිශ්ක 2/55) සහ දෙවැනි ඉනිම - 181/2යි. ජමිත් දිල්ශාන් 38, චමෝද් සඳරු 114යි.
සාන්ත පීතර විදුහල් පිල - 208 යි. ලසිත් නිශ්ලංක 72, බ්‍රයන් ජූසියස් 47, ශේන මලීශ 44 (හේශාන් මධුශංක 2/51, උෂාන් දීමන්ත 2/6, රුචිර අධිකාරි 2/37)
ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා
0 Comments