Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
 
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබාදුන් පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සම්මාන පිරිනැමීම සඳහා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ අද (28) පැවති උත්සවයකදි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය. 
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ "මතින් නිදහස් රටක් සංකල්පය" සාර්ථක කරගැනීම සඳහා දිවිහිමියෙන් කැපවූ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සංවිධාන කළ ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයී.
 
මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවූ පොලිස් නිලධාරීන් 1034 දෙනෙකුට මෙහිදී සම්මාන ප්‍රදානය සිදු කළේය.
 
ජනාධිපති පොලිස් වීරතා පදක්කම නිලධාරීන් 15 දෙනෙකුටත්,ජනාධිපති පොලිස් දක්ෂතා පදක්කම නිලධාරීන් 59 දෙනෙකු වෙතත්,සෙසු පිරිස වෙත ජනාධිපති ප්‍රශංසා සහතික පත් ප්‍රදානයත් සිදුකෙරුණේය.
 
එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ මානව හිමිකම් පෙන්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට ඉඩ නොතැබිය යුතු බවයි.
 
මේ අතර තමන් පොලිස් දෙපාර්තමේන්තුව භාර ගැනීමෙන් පසු ගත වූ කෙටි කාලය තුළ පොලීසිය ශක්තිමත් කිරීමට කටයුතු කළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සදහන් කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();