Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පේරු විවාහ උත්සවයක් අතරතුර නායයෑමකින් 15ක් මරුට

පේරු රාජ්‍යයයේ විවාහ උත්සවයක් අතරතුර නාය යෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 
සිද්ධියෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
බෑවුම් සහිත  ප්‍රදේශයක පිහිටි මෙම හෝටලයේ බිත්ති අධික වර්ෂාවත් සමග කඩා වැටී ඇති බව සදහන් වේ. එම අවස්ථාවේ හෝටලය තුළ පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් රැදී සිටි බව වාර්තා වේ. 
 
තවත් පුදග්ලයින් 50 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බවට සැක පළ කෙරේ. එරට ආරක්ෂක අංශ බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();