Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගර්භණී ගුරුවරියන්ගේ නිර්දේශිත ඇදුමට බාධා කරන අය ගැන තොරතුරු සොයයි

ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇදුමට විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටීනම්, ඒ පිළිබඳ සිය අමාත්‍යංශයට පැමිණිලි කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා සිටි.
 
ගර්භණී ගුරුවරියන් වෙත වඩාත් පහසු සහ උචිත ඇඳුමක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදුන්නේ පසුගිය වසරේදී ය. 
 
ඒ අනුව 2018 වසරේ මැයි 23 වන දිනැති 2018/21 චක‍්‍රලේඛය මඟීන් ඒ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය. 
 
එහෙත් ඇතැම් විදුහල්පතිවරුන්, ගර්භණී ගුරුවරියන්ට එම නිර්දේශිත ඇඳුම ඇඳ පාසලට පැමිණීම තහනම් කර තිබේ. එවැනි විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();