Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිට්ලර්ගේ දිය සායම් සිතුවම් තුනක් අත්අඩංගුවට

ජර්මනියේ හිටපු නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් බව දක්වමින් අලෙවි කිරීමට තබා තිබූ දිය සායම් සිතුවම් තුනක් ජර්මන් පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබ තිබේ.
 
පොලිසිය පැවසුවේ, අදාළ සිතුවම් වංචාසහගත ලෙස බර්ලින්හි වෙන්දේසියක අලෙවියට තබා තිබූ බවට සැක කරන බවය.
 
එම සිතුවම් තුනෙහි දැක්වෙන්නේ, කඳු ප්‍රදේශයක දර්ශනයක්, ගඟක දර්ශනයක් සහ ගසක් යට මිනිසෙකු ඉඳගෙන සිටින ඈත දර්ශනයක්ය.
 
පසු කලෙක ලෝකයේ දරුණුතම අපරාධ කිහිපයකට වරදකරු වූ ඇඩොල්ෆ් හිට්ලර්, 20 වස සියවසේ මුල් භාගයේදී මියුනික්හි චිත්‍ර ශිල්පියෙකු ලෙස සේවය කරන කාලයේ, මෙම සිතුවම් ඇඳ තිබෙන බව ප්‍රචාරය කර ඇතැයි විශ්වාස කෙරේ.
 
පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම සිතුවම් පොලිසිය භාරයට ගෙන ඇති අතර අදාළ සිතුවම් හිට්ලර් විසින් අඳින ලද සැබෑ සිතුවම් ද නැතිනම් "බොරු නිර්මාණයක්ද" යන්න පරීක්ෂා කරමින් පවතින බව ජර්මන් පොලිසිය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();