Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුර-නැඟෙනහිර සංවර්ධන බළකායේ උතුරු පළාත් උපදේශක පුටුවට හිටපු කොටියෙක්

උතුර සහ නැඟෙනහිර සංවර්ධන කාර්ය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක ලෙස නීති විරෝධී කටයුතු ගණනාවක් සිදු කළ කොටි ත්‍රස්තවාදියකු වන සෙල්වින් ඉරේනියස් පත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කෙළේය.

මොහු එසේ පැවැසුවේ ඊයේ (28දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

මොහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු ලෙස රාජකාරි කරන අතරේ 2002දී ආණ්ඩුවේ නියෝජිතයකු ලෙස කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡාවලට සහභාගි වුණා. සාම සාකච්ඡා අතරේදී මොහු ලංකාණ්ඩුවේ සිටි කොටි සංවිධානය පැත්තට මාරු වුණා. ඊට පස්සේ කොටි සාමාජිකයන් සමඟ යුරෝපයට ගොස් කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයකු වුණා. නෝර්වේ පදිංචි වී 2017 වසර තෙක් ඔහු නැවත ලංකාවට ආවේ නෑ.

2017දී ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත යුතු වැරැදි තුනක් කර තිබුණා. පළමුව ඔහු ආණ්ඩුව නියෝජනය කරමින් සාම සාකච්ඡාවලට ගොස් පැති මාරු කළ රාජද්‍රෝහියෙක්. දෙවනුව ඔහු නොදන්වා සේවය හැර ගිය ආණ්ඩුවේ නිලධාරියෙක්. තෙවැනුව ඔහු කොටි සංවිධානයට එක් වුණු ත්‍රස්තවාදියෙක්. මේ වැරැදි තුනම කළ සෙල්වින් ඉරේනියස්ට ආණ්ඩුව මොකද කළේ? දඬුවම් තුනක් වෙනුවට තෑගි තුනක් දුන්නා. පළමු තෑග්ග තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් කිරීම, දෙවැනි තෑග්ග උතුර සහ නැඟෙනහිර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක තනතුරට පත් කිරීම, තුන්වැනි තෑග්ග මඟ එනවා. ඒ තමයි සේවය අත්හැර යෑම නොසලකා ඔහුගේ විශ්‍රාම වැටුප සැකසීම.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායක, වගේම ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයායි. නමුත් ජනාධිපතිටත් හොරෙන් ලංකාවේ ඇමෙරිකානු කඳවුරක් ඉදිකරන්න ආණ්ඩුව අවසර දීලා. ඇමෙරිකාව රට ඇතුළට ගෙන්න ගන්නවා කියන්නේ හරියට කොටියකු ගෙට රිංගුවා වගේ වැඩක්. එජාපයට වඩාත් වැටහෙන්න ඉංග්‍රීසි භාෂාවෙන් මේක කිව්වොත් ච්ධ දධබ ඛ්චබජඩ චදරබඩඪදඨ ඹඩචබ රධභ ජචද’බ බඩපධඹ චඹචර විසි කළ නොහැකි කිසිවක් අල්ලා ගනු එපා. එළවිය නොහැකි කිසිවකු ගේ ඇතුළට ගන්න එපා. ආණ්ඩුව දැන්වත් ඒ ඔවදන හිතට ගත්තොත් හොඳයි.

අග්‍රාමාත්‍යතුමා තවමත් කියන්නෙ බොරු. ව්‍යවස්ථා කෙටුම්පතක් තවම ඉදිරිපත් කර නැති බවත් දමිළ සන්ධානය ඒකීය රාජ්‍යය පිළිගෙන ඇති බවත් අගමැතිතුමා පසුගියදා උත්සවයකදී පැවැසුවා.
ඔන්න සම්පන්දන් මන්ත්‍රිතුමාත් යෝජිත ව්‍යවස්ථාවේ ෆෙඩරල් ලක්ෂණ තිබෙන බව පිළිගෙන තිබෙනවා. අපිට වැදගත් වෙන්නේ ඒකීය ලක්ෂණය. ඒකීය ලේබලය නෙවෙයි. දැන්වත් රට රැවටීම නවත්වන්න.
වෘත්තීය සබඳතා ලේකම් ප්‍රභාත් සමරසිංහ

මුලතිව් දිස්ත්‍රික්කයේ නායර් ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුරුකන්ද විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බව පසුගියදා හිටපු ඊව්ඒ මන්ත්‍රි හරිහරන් කියා සිටියා. මෙය ඓතිහාසික වටිනාකමකින් යුක්ත රජමහ විහාරයක්. මේ ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එසේ වුණත් ඊව්ඒ හිතවාදීන් හා මන්ත්‍රිවරුන් බෞද්ධ හා හින්දු කලකෝලාහලයක් ඇති කරන්න උත්සාහ දරනවා. මෙවැනි තත්ත්වයක ඊව්ඒ මන්ත්‍රිවරුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවල ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

නව ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කරන්න තමන් සම්බන්ධ නොවූ බවට අගමැතිවරයා සිදු කොට ඇති ප්‍රකාශය පිළිබඳ කුමක්ද හිතන්නෙ?
පසුගිය ජනවාරි 11 වැනිදා මමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සිටියදී තමයි අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතුමාගේ සම්බන්ධයක් නැත්නම් ඉදිරිපත් කළේ මොකටද?


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();